Chitika Smowtion 468x60


Wednesday, February 15, 2012

ජෙනරාල් නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය ගමට යයි


ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය පසුගියදා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වලපනේ හා රාගල ප‍්‍රදේශයේ මහජනයා දැනුවත් කිරීමේ කුඩා ජනහමු කිහිපයක් පැවැත්වීය. ඊට සහභාගී වූ සිංහල හා දෙමළ ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාවද ජාති - ආගම් හා පක්ෂ පාට බේදයකින් තොරව ජෙනරාල් නිදහස් කරගැනීමේ සටනට සහයෝගය පළ කළ අතර ජනතා ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබාගැනීමට උනන්දු වූ බව එම ජනතා ව්‍යාපාරයේ ප‍්‍රකාශකයෙක් අප සමග පැවසීය.
එසේම දැනට ජෙනරාල් නිදහස් කරගැනීම සඳහා ආණ්ඩුව සමග සිදු කෙරෙනවා යයි කියන සාකච්ඡා පිළිබදව ජනතාව ඔවුන්ගේ විරෝධය පළකරමින් වත්මන් ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවතීමට හැකි එකම නායකයා වන ජෙනරාල් නිදහස් කරගැනීමේ මහජන අරගලය වහා සිදු කළ යුතුව ඇති බව තමන් හමුවේ ප‍්‍රකාශ කළ බවද වැඩිදුරටත් ඔහු සඳහන් කළේය.

ඡායාරූපවල දැක්වෙන්නේ එම ජන කණ්ඩායම් හමුවූ අවස්ථා සහ ජනතාව විරෝධතා බැනර් අත්සන් කළ අවස්ථා කිහිපයකි.


.
Source - lankanewsweb.com

Share this article with your friends