Chitika Smowtion 468x60


Wednesday, February 15, 2012

නාවික හමුදාපති ධූරය ජනාධිපතිගේ ඥාතියෙකුට


ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ධූරය, නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මාරාල් ජයන්ත පෙරේරා වෙත පිරිනැමීමට ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා තීරණය කර තිබේ.
නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක කවියා, අපේ‍්‍රල් මාසයේදී විශ‍්‍රාම යෑමට නියමිත අතර ඔහුට සේවා දිගුවක් ලබානොදීමට ජනාධිපතිවරයා මේ වනවිට තීරණය කර තිබේ.


රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පස්වන ස්ථානයේ සිටියද ඔහු ජනාධිපතිවරයාගේ සමීප ඥාතියෙකු බැවින් එම තනතුරට පත්කිරීමට තීරණය වී තිබේ.

නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක කවියාට පසු පිලිවෙලින් අජිත් වීරසේකර, ජයනාත් කොළඹගේ, දමයන්ත ධර්මසිරිවර්ධන යන රියර් අද්මිරාල්වරුන් ජයන්ත පෙරේරාට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින් සිටී.

රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා යුද මෙහෙයුම් පැවති සමයේ තමන්ට හෘදයාබාධයක් ඇතැයි පවසමින් උතුරු-නැගෙනහිර රාජකාරීවලින් ඉවත්ව සිටි නිලධාරියෙකුවන අතර ඔහුව අධ්‍යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) තනතුරට පත්කරනු ලැබූවේද ජනාධිපතිවරයාට ඇති ඥාතීත්වය මතය.

රියර් අද්මිරාල් ජයන්ත පෙරේරාගේ බිරිඳ, ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතාගේ සමීපතම ඥාතියෙකි.


Source - lankanewsweb.com

Share this article with your friends