Chitika Smowtion 468x60


Wednesday, February 15, 2012

මහබැංකු අධිපතිවරයා තම තනතුර රැකගැනීම සඳහා බැංකු මූල්‍ය ප‍්‍රතිපත්ති අමුඅමුවේ උල්ලංඝනය කරයි


මේ වනවිට තම අත්තනෝමතික ක‍්‍රියා නිසා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අන්ත ආගාධයකට ඇද දමා ඇති මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා තම තනතුර රැකගැනීම සඳහා බැංකු මූල්‍ය ප‍්‍රතිපත්ති අමුඅමුවේ උල්ලංඝනය කරමින් සිටින බව වාර්තා වේ.
මහබැංකු අධිපතිවරයා මෙසේ කටයුතු කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ රහස්‍ය මුල්‍ය උපදේශක සජින් වාස් ගුණවර්ධන මහතාට ‘ලංකා ඔරික්ස් ලීසිං’ (LOLC) සමාගම මගින් ලබාදී ඇති රුපියල් බිලියන 2 කට අධික ණය මුදල හේතු කොටගෙනය.


රුපියල් බිලියන 4 ක පමණ ප‍්‍රාග්ධන නිකුතුවක් ඇති ‘ලංකා ඔරික්ස් ලීසිං’ (LOLC) සමාගමට  ඕනෑම ගණුදෙනුකරුවෙකුට ණයදිය හැක්කේ එම ප‍්‍රාග්ධන නිකුතුවෙන් 15%ක උපරිමයකට යටත්වය. නමුත් ඛධඛක්‍ සමාගම මේ වනවිට සජින් වාස් ගුණවර්ධන මහතාට එම උපරිමය 50% දක්වා ඉහළට ගෙනයමින් ණය ප‍්‍රධානය කොට තිබේ.

මෙම තත්ත්වය මහබැංකුව විසින් පවත්වාගෙන යන මූල්‍ය ප‍්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම පටහැනි අතර නමුත් ඒ සඳහා සිය අභිමතය පරිදි කටයුතු කිරීමට අවසර දී ඇත්තේ මහබැංකු අධිපතිවරයා විසිනි. මහබැංකු අධිපතිවරයා මෙසේ ජනාධිපතිවරයාගේ රහස්‍ය මූල්‍ය උපදේශකවරයාට අසීමිතව ණය ලබාදීමේ මූලික අරමුණ තම මහබැංකු අධිපති තනතුර ආරක්ෂා කරගැනීම බව ශ‍්‍රී ලංකා මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගේ මතයයි.

පසුගිය වසරේ ජූනි මාසය වනවිට ශ‍්‍රී ලංකාව සතුව තිබූ ඩොලර් බිලියන 9ක විදේශ සංචිත වසරේ අවසානබාගය වනවිට ඩොලර් බිලියන 2.5 කින් පහළට ඇදදමමින් මහබැංකු අධිපතිවරයා ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය අනුපාතිකය කෘත‍්‍රිමව පාලනය කිරීම මගින් ඊයේ වනවිට ඩොලරය රුපියල් 120 දක්වා ඉහළ නැග තිබිණ.


Source - lankanewsweb.com

Share this article with your friends