Chitika Smowtion 468x60


Sunday, March 4, 2012

පාඩම් උගත් පසුවත් 20 ක් අතුරුදහන්


උගත් පාඩම් හා ප‍්‍රතිසංවිධාන වාර්තාව පිටවී මේවනවිට මාස 3කට ආසන්න වන අතර මේ වනවිටද එම කොමිසමේ නිර්දේශයන් උල්ලංඝනය කරමින් පුද්ගල අතුරුදහන් 20 ක් වාර්තා වී තිබේ.
මෙම වාර්තාව විසින් අතුරුදහන්වීම් සම්බන්ධයෙන් රජයේ වගකීම හා ඒ සඳහා වන මැදිහත්වීම් පිළිබද කරුණු අනාවරණය කර ඇති අතර ආණ්ඩුව විසින් එකී මානව අයිතීන් කඩකිරිම නැවැත්වීම සම්බන්ධයෙන් ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබදවද කරුණු දක්වා ඇත.


ඒ අතර පසුගිය දෙසැම්බර් 09 වන දින යාපනයේදී අතුරුදහන් වූ ලලිත් කුමාර් වීරරාජ් හා කුගන් මුරුගානන්දන්ද කොළඹදී පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයන් 10 ක්ද, ගම්පහින් දෙදෙනෙක්ද, යාපනයෙන් තිදෙනෙක්ද, දඹුල්ල, වව්නියාව, පුත්තලම, අම්පාර හා මහනුවර යන ප‍්‍රදේශවලින් එක් අයෙකු බැගින්ද එසේ අතුරුදහන් වී තිබේ.



Source - lankanewsweb.com

Share this article with your friends