Chitika Smowtion 468x60


Sunday, March 4, 2012

කොමිස් කාක්කාගේ ඉංජිනේරු කොම්පැණිය රුපියල් බිලියන පහක් ඩැහැගනී


ශ්‍රී ලංකාවේ 90 දශකයේ මැද භාගයේ සිට රජයේ කොන්ත්‍රාත් සහ ලංසු ලබාගෙන ත්‍රිවිධ හමුදාවට ආයුධ සහ යුධ වාහන ගෙන්වා තම මඩිය තදකර ගත් සුප්‍රසිද්ධ කොමිස් කාක්කා හෙවත් සුමල් සංජීව පෙරේරා, සාමයේ අරුණලූ පිබිදෙන සමයක ඔහුගේ නවතම සල්ලි හොයන සූත්‍රයවී ඇත්තේ රටේ පාරවල් හදා කොමිස් ඩැහැගන්නා තම ඉංජිනේරු කොම්පැණිය මහජනයාට නොවටිනා ගණනකට අලෙවි කිරීමට තැත්කිරීමයි.

දැනට පවතින නීතියට අනුව සමාගමක පුද්ගලිකව ආයෝජකයන්ට ලබාදුන් කොටස් අලෙවිකිරීමට හැක්කේ එම නිකුතුවෙන් අවුරුද්දකට පසු වන අතර හරියටම මෙය කොටස් වෙළඳ පොලෙහි ලැයිස්තුගත කිරීමට අදහස් කරන දිනට අවුරුද්දකට පෙර පුද්ගලිකව ඇක්සස් සමාඟම විසින් රුපියල් බිලියන 4.5 කොටස් නිකුත් කර ඇති අතර මෙයට අමතරව සුමල් පෙරේරා ඇතුළු අධ්‍යක‍ෂක මණ්ඩලයට හා සේවකයන්ට තවත් රුපියල් බිලියන 3 කොටස් නොමිලේ ඛෙදා ඇත. 
මෙම මහජන කොටස් නිකුතුව මඟින් එම ආයතනය බලාපොරොත්තුවනුයේ රුපියල් මිලියන 500 මුදලක් ලබා ගැනීමටයි. (මෙය අනෙකුත් ආයතන සමඟ ගත් කල ඉතා අඩු මුදලකි.) නමුත් මෙහි පිටුපස ඇත්තේ තවත් යමකි.

මෙහි කොටසක මිල රුපියල් 25 වන ආකාරයට නිකුත් කරන අතර ආයෝජකයන් නිතරම බලාපොරොත්තුවනුයේ තමන් යෙදවූ මිලට වැඩි වාසියක් ගැනීමටයි නමුත් මෙහිදී මොවුන් බලාපොරොත්තුවනුයේ තමන්ට නොමිලේ ලැබුනු කොටස් පළමු දින වලදීම විකුණා ඉන් ඉවත් වීමයි. මෙම කොටස් වල මිල ඉහල යැවීමට ගෙවීම් ලබාදී මූල්‍ය ආයතන කිහිපයක් විසින් රෙකමදාරුද ලබාගෙන ඇත.

කෙසේ හෝ මෙයින්ද අසරණ කරන්නට තැත්කරනුයේ සාමාන්‍ය ආයෝජකයන්වය. ඔබ හෝ දන්නා අයෙක් මෙම ආයතනයේ ආයෝජනය කරන්නට සූදානම් නම් තවත් වරක් මේ පිළිබඳව අධ්‍යයනයක් කර බලන්න. මෙය හුදෙක්ම ඉදිරිපත් කරනුයේ මෙම දිනවල විවිධ ආකාරයෙන් සිදුකෙරෙනු ලබන මූල්‍ය වංචා පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.

මෙම කොමිස් කාක්කා විසින් සිදුකර ඇති වංචා අතර ඒසියා පැසිෆික් ගොල්ෆ් කෝස්, චීන වරාය ඇතුළු ප්‍රොජෙක්ට්ස් ගණනාවක් වන අතර මේවා පිළිබඳ හෙලි කිරීමට වචන දස දහසක් ලියුවද මදිය.

ජනක ආටිගල



Share this article with your friends