Chitika Smowtion 468x60


Sunday, March 4, 2012

පොළවේ වැළලී ලෝක වාර්තාවක් තබන්නට ගොස් තරුණයෙක් මරුදකියි


2011 අගෝස්තු මාසයේදී, දැල්වූ ගිනිමැලයක් යට පොළවේ වැළලී පැය 3යි විනාඩි 39 ක් ගත කිරීමෙන් මීරිගම පල්ලෙවෙල මිහිඳුපුරයේ රංජිත් කුමාර ජයසිංහ මහතා ශ්‍රීලංකා වාර්තාවක් තැබූ බව මීට පෙර අප ඔබට ගෙන ආවා.

ඉන් මාසයකට පමණ පසුව එලෙස දැල්වූ ගිනිමැලයක් යට පොළවේ වැළලී පැය 5 ක් ගත කර එම වාර්තාව බිඳ දැමීමට පුජාපිටිය සියපත්ගමෙහි වෙසෙන කේ.එම් හින් බණ්ඩා මහතා මහතා සමත් වූ බවත් පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.

මෙලෙස පොළොව යට වැළලී එම වාර්තාව බිඳ දමා තවත් ලෝක වාර්තාවක් තැබීමට ගොස් තරුණයෙකු මියගොස් තිබෙනවා. ඔහු කන්තලේ වාන්ඇල ප‍්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන වයස අවුරුදු 24 ක තරුණයෙක්. 

මියගිය තරුණයා පොලොව යට වැළලී සිට ලෝක වාර්තාවක් පිහිටුවීමට අදාළව පෙරහුරුවක් කර තිබෙනවා. තමා විසින්ම සකස් කර ගන්නා ලද අඩි 10 ක් පමණ ගැඹුරු වලක් තුළට ඊයේ පෙරවරු 9.30 ට පමණ බැස ඔහුගේ මව ඥාතී සහෝදරයෙකු සහ මිතුරෙකුගේ මාර්ගයෙන් ඊයේ උදෑසන 9.30ට පමණ එම කටයුත්ත ආරම්භ කර ඇති අතර පස්වරු 4.00ට පමණ යළි පස් හා ලෑලී ඉවත් කරන ලෙස ඔහු උපදෙස් දී තිබී තිබෙනවා.

පසුව මතුපිට පස් සහ ලෑලි ඉවත් කළ අවස්ථාවේ මෙම තරුණයා සිහි මුර්ජා වී සිටින අයුරු දැක කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වෙනවා.

ඔහු පුහුණුවීම් කළ අඩි 10 ක් පමණ ගැඹුරු වල








Source: http://www.gossip9.com/2012/03/blog-post_04.html#ixzz1oA3tRYgy


Share this article with your friends