Chitika Smowtion 468x60


Sunday, March 4, 2012

කන්දකඩුව රජයේ ගොවිපළ භූමියත් යුද හමුදාවට


රට පුරා රජයේ ඉඩම් හා ගොවිපළවල් අත්පත් කර ගනිමින් සිටින ශ‍්‍රී ලංකා යුද හමුදාව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ ඇති කන්දකඩුව ගොවිපළට අයත් භූමිය අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටී.
එහි  මූලික පියවර වශයෙන් එම ඉඩම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය නොවන බවට තමා වෙත ලිඛිතව දැනුම් දෙන්නැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබිණ. එයින් බියට පත් එම අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් කේ.එම්.ටී. කෑදරගම මහතා එම ඉඩම තම අමාත්‍යාංශයට අවශ්‍ය නොවන බවට ආරක්ෂක ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. 


ඒ අනුව අක්කර 11,434කට වැඩි එම භූමිය යුද හමුදාව වෙත අත්පත් කර ගැනීමේ සියලු කටයුතු මේ වන විට ක‍්‍රියාත්මක කර තිබේ. ඉදිරියේදී එම ඉඩම කෘෂි කාර්මික ගොවිපළක් ලෙස සංවර්ධන කිරීමට යුද හමුදාව අපේක්‍ෂා කරයි.

මෙම පැවරීම වෙනුවෙන් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට ලක්‍ෂ 10ක මුදලක් ලබා දීමටත් ආරක්ෂක ලේකම්වරයා එකගවී තිබේ.

1977දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පිහිටි කන්දකාඩු හා ත‍්‍රිකෝණමඩු යන රජයේ ගොවිපළට අයත් මෙම භූමි භාගය, 1979-06-15 දිනැති අංක 41 දරණ ගැසට් නිවේදනය මගින් මහවැලි සංවර්ධන අධිකාරිය වෙත පවරා තිබිණ. පසුව 2006 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව එම ඉඩම පශු සංවර්ධන කටයුතු සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත භාරදී තිබිණ.



Source - lankanewsweb.com

Share this article with your friends