ඇමෙරිකානු හමුදා පැසිපික් ආඥාපති අද්මිරාල් රොබට් විලාඞ් මහතාගේ මගපෙන්වීම යටතේ දකුණු අසියානු රටවල් 5ක් මේ වනවිට ත‍්‍රස්තමර්ධන සහයෝගීතා යුද අභ්‍යාස ආරම්භ කර තිබෙන අතර ශ‍්‍රී ලංකාවද ඊට ඇතුලත් රටකි. මීට අමතරව ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය හා නේපාලය තුලද මෙවැනිම වූ යුද අභ්‍යාස ආරම්භ වී ඇත.
එසේ වුවද ජනාධිපතිවරයා විසින් පත්කරන ලද උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින ඇමෙරිකාවට එරෙහිව මේ වනවිට රාජ්‍ය මාධ්‍ය පවා වෛරී මතවාදයක් උසිගන්වමින් සිටී. විදේශ කටයුතු පිළිබද වැඩබලන අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාද පසුගියදා ඇමෙරිකාවට එරෙහිව පෙළපාලි යමින් ඇමෙරිකානු ධජ ගිනිතැබීමටත්, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අනුරුව සහිත පඹයෙකු ගිනිතැබීමටත් සන්ධාන පාක්ෂිකයින් උසිගැන්වනු ලැබීය.

Source - lankanewsweb.com