Chitika Smowtion 468x60


Sunday, March 4, 2012

ඇමති ජොනී කෝටි ගණනක මුදල් රටින් පන්නලා


අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් අයතා ලෙස උපයාගත් රුපියල් කෝටි ගණනක මුදලක් පසුගියදා සිංගප්පූරුව වෙත නීත්‍යානුකූල නොවන පරිදි රැගෙන ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය වෙත වාර්තා වී තිබේ.
පසුගිය දා තායිලන්තයේ නිල සංචාරයකට සහභාගී වූ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා එම ගමන්වාරයේදී එසේ රැගෙන ගිය මුදල් තැන්පත් කිරීම සඳහාත් ටියොන් නැමති මැලේසියානු ජාවාරම්කරු හමුවීම සඳහාත් පැය 8ක කාලයක් සිංගප්පූරුවේ ගතකොට තිබේ. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා මෙම සංචාරයේදී තායිලන්තයේ හිටපු අගමැති තක්ෂේන් සිනවාත‍්‍රා හමුවීමට කටයුතු යොදාගෙන තිබුණද ඒ පිළිබද ප‍්‍රවෘත්තිය හෙළිදරව් වීම නිසා එම හමුව කල්දමා තිබේ.


වංචා සහගත ලෙස මුදල් පිටරට යැවීම (මනිලොන්ඩරින්) පිළිබදව කිහිපවරක්ම චෝදනා ලැබ සිටින කුප‍්‍රකට ජාවාරම්කරුවෙකුවන ජොන්ස්ටන් ඇමතිවරයාගේ සමීපතම හිතවතෙකුවන ‘ඩිඩා’ නොහොත් රිස්ලි ඉල්ලියාස් නැමැත්තාද මෙම සංචාරයට සහභාගී වී තිබේ. රිස්ලි ඉල්ලියාස් මහතා ශ‍්‍රී ලංකා රග්බි සම්මේලනයේ ගරු ලේකම්වරයාද වේ.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයා සමග ප‍්‍රභූන් සඳහා වූ පර්යන්තය (VIP Lounge) ප‍්‍රවේශයෙන් කටුනායක ගුවන් තොටුපොලට පිවිස ඇති ‘ඩිඩා’ මහතා අතතිබූ විශාල ප‍්‍රමාණයේ ගමන්මලූ දෙකක් පරීක්ෂා කිරීමට රේගු නිලධාරියෙකු උත්සාහ කළ අවස්ථාවේදී ඇමතිවරයා ඒවා තමන්ගේ බව කියමින් පරීක්ෂා කිරීම වලක්වා තිබේ.

එම ගමන්මලූ දෙක පුරවා මුදල් තිබෙන බවට රේගු නිලධාරීන් කිහිප දෙනෙකු එම මොහොතේ ගුවන් තොටුපොලෙහි රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට දැනුම්දී ඇතත් අනවශ්‍ය ගැටුමකට නොගොස් එම ගමන්මලූ නිදහස් කරන්නැයි ඔහු උපදෙස් දී ඇත.

මෙපරිදිම වංචනික ලෙස මුදල් විදේශයන්ට පිටකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි මීට දින ගණනකට පෙර ‘ඩිඩා’ මහතාට එහි නිලධාරීන් විසින් දැනුම්දීමක් කර තිබූ අතර වහාම ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට කතා කොට ඇති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා ඊට අදාල ලිපිලේඛන සකසා ගැනීමට ‘ඩිඩා’ මහතාට මාසයක කාලයක් ලබාදෙන්නැයි ඉල්ලා තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වී ඉතා කෙටි කාලයක් තුළ ප‍්‍රකෝටිපතියන් බවට පත්ව සිටින ඇමතිවරුන් අතර ජෝනී ප‍්‍රමුඛ ස්ථානයේ සිටී.



Source - lankanewsweb.com

Share this article with your friends