එම නෝර්වේ නියෝජිතයින් ජනාධිපතිවරයා විසින් කැඳවා ඇත්තේ, රාජකාරී කටයුතුවල සේවයේ නියුතු නිලධාරීන් සේවය නිමාකොට නික්ම ගිය පසුවය. නෝර්වේ නියෝජිතයින්ගේ හමුව හෙළිදරව්වීම වලක්වා ගැනීමට එසේ ක්‍රියාකර තිබේ.
ජාත්‍යන්තර පීඩනයෙන් මේ මොහෝතේ ගැලවී යා හැකි එකම මග ඇමෙරිකාව විසින් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජයට එරෙහිව යෝජනාවක් ගෙනඒමට පෙර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත කාලයක් ඉල්ලා සිටීම බව නෝර්වේ නියෝජිතයින් ජනාධිපතිවරයාට පැහැඳිලි කර දී තිබේ.
එවැනි ක්‍රියාමාර්ගයකට ශ්‍රී ලංකා රජය එකඟවන්නේනම් ඇමරිකාව හා යුරෝපා රටවලින්ද දෙමළ ජාතික සන්ධානයෙන්ද එල්ලවී ඇති බලපෑම සමතයකට පත්කිරීමේ වගකීම නෝර්වේ නියෝජිතයින් විසින් භාරගෙන තිබේ.
මේ සම්බන්ධ තොරතුරු අප වෙත ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වැඩිදුරටත් අප වෙත පැවසූවේ, ආණ්ඩුව, ඇමරිකාව සහ බටහිර රටවල් සමග බරපතල ගැටුමකට ගොස් ඇති බව මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්වුවද ජනාධිපතිවරයා එම රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමග සමීප සබඳතාවයක් පවත්වන බවයි. ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට මෙම නෝර්වේ නියෝජිතයින් පිරිස මෙරටට ගෙන්වා ඇත්තේ කොළඹ නගරසභාවේ විපක්ෂ නායක මිලින්ද මොරගොඩ මහතාය.
මීට අමතරව ජනාධිපතිවරයා සහ ඉන්දියානු නියෝජිතයින් පිරිසක් සමග රහසිගත සාකච්ඡාවක් සංවිධානය කිරීමට හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා මැදිහත්වී සිටින බවද එම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Source - lankanewsweb.com