Chitika Smowtion 468x60


Sunday, March 4, 2012

නාමල්ගේ හිතවතියක් මුදල් අමාත්‍යාංශයේ නීති දෙපාර්තමේන්තුවට


ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බලපෑම් මත මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනියක ලෙස ඔහුගේ සමීපතම හතවතියක්වන රිෂානි හරේන්ද්‍රා වික‍්‍රමගේ නැමැති තරුණියක් පත්කිරිමට තීරණය කර තිබේ.
රිෂානි හරේන්ද්‍ර වික‍්‍රමගේ මෙනවිය නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනියක ලෙස කොන්ත‍්‍රාත් පදනම මත සේවයට බඳවා ගැනීමට කටයුතු කරනලෙස ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතාට නියෝග කර ඇත.


ජනාධිපතිවරයාගෙන් ලැබුනු නියෝගය මත රිෂානි හරෙන්ද්‍රා වික‍්‍රමගේ මෙනවිය 2012  මාර්තු 01 දා සිට මූලිකව වසර දෙකක කාලයක් සඳහා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනියක වශයෙන් කොන්ත‍්‍රාත් පදනම මත පත්කිරීමටත් පළමු වසර අවසානයේ කාර්ය සාධනය මත සුදුසු පරිදි සංශෝධන කිරීමේ පදනම මත රුපියල් 45,000 ක මාසික වැටුපක් හා රුපියල් 10,000 ක ප‍්‍රවාහන දීමනාවක්ද ලබාදීමට ගීතාංජන ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ.

නාමල් රාජපක්ෂ මහතාගේ හිතවතියක වුවද වික‍්‍රමගේ මෙනවිය එම තනතුරට අදාල සියලූ සුදුසුකම් සපුරා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. ඇය ලන්ඩන් විශ්ව විද්‍යාලය මගින් පිරිනමන නීතිවේදී (ගෞරව) උපාධිය සහ නීති විද්‍යාලයේ අධ්‍යයන වර්ෂ තුනේදීම ප‍්‍රථම පංතියේ සාමාර්ථයන් සහිතව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයෙකු ලෙස දිව්රුම්දී ඇත. වික‍්‍රමගේ මෙනවිය නීතිකටයුතු දෙපාර්තමේන්තුවේ ආධුනිකයෙකු ලෙසද සේවය කර ඇත.



Source - lankanewsweb.com

Share this article with your friends