එහිදී උද්ඝෝෂණයේදී අරමුණ පසෙක ලා සජිත්-රනිල් පිට එළිපිට ගැටුම් ඇතිකරගනා ආකරයක් සියළු දෙනාට දක්නට ලැබී තිබෙනවා. සජිත් පාර්ශවයට ජනතාව ඇමතීම සඳහා රනිල් වික්‍රමසිංහ ඉඩ නොදීමත් සමඟ කීපදෙනෙක් රනිල්ට හූ කියා තිබෙනවා.
රැස්වීමට රනිල් වික්‍රමසිංහ මහතා පැමිනෙද්දී කීප දෙනෙක් පමණක් ජය වේවා කියා තිබූ අතර සජිත් ප්‍රේමදාස ඇතුළු එම පාර්ශවයේ පිරිස උද්ඝෝෂණයට පැමිණීමත් සමඟ රැස්ව සිටි පිරිස "අපේ අනාගත ජනාධිපති තුමාට ජය වේවා", "අපේ නායකයාට ජය වේවා" කියමින් හැසිරී ඇති නිසා රනිල් වික්‍රමසිංහ මහතා මහත් කෝපයට පත්වී තිබෙනවා.
එම අවස්ථාවේ රැස්වීමේ නිවේදන කටයුතු කළ පුද්ගලයා ඔහු සිටි ලොරියට නඟින්නට සජිත් ඇතුළු පිරිසට ආරාධනා කරද්දී "අයිසේ ඉඳගන්නවා, ඉඳගන්නවා" යැයි කියමින් රනිල් වික්‍රමසිංහ මහතා ඔහු වාඩි කර තිබෙන්නේ ඔහු අත තිබූ මයික්‍රෆෝනයද උදුරාගනිමින්.
ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවේදන කටයුතු අනුව වික්‍රමබාහු කරුණාරත්න, මනෝගනේෂන්, සිරිතුන්ග ජයසූරිය, සරත් මනමේන්ද්‍ර ආදීන් කතා පවත්වා ඇති අතර අනතුරුව රනිල් වික්‍රමසිංහද කතා කර තිබෙනවා.
ඉන් පසු මයික්‍රෆෝනය අතට ගත් නිවේදකයා සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය හා දයාසිරි මහත්වරුන්ට කතා කිරීමට ඇරයුම් කිරීමත් සමඟම නැවතත් දන්ඩෙන් පහර කෑ සර්පයෙකු පරිදි කෝපවී ඇති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදකයා අත වූ මයික්‍රෆෝනය නැවතත් උදුරාගන "දැන් ඔක්කොම කතා කරලා ඉවරයි පෙළපාළිය යමු"යැයි පවසා ඉදිරියට ගොස් තිබෙනවා.
රනිල් පාර්ශවයේ කතාව
මෙම සිදුවීම රනිල් පාර්ශවය හා සජිත් පාර්ශවය දෙපිරිසම සිටි හෙයින් සිදුවීම දෙආකරයට විස්තර වනවා.ඉහතින් අප දැක්වුවේ සජිත් පාර්ශවය එම සිදුවීම විස්තර කල අයුරුයි.
නමුත් මේ පිළිබඳව අදහස් දක්වන රනිල් පාර්ශවයේ පිරිස් සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස විසින් කල් තියා සැලසුම්කොට "අනාගත ජනාධිපතිතුමාට ජයවේවා" යනුවෙන් සුබ පැතීමට පිරිස් යොදා ඇති බවත් ඔහුගෙන් කතාවක් ගැනීමට පිරිස් මෙහෙයවා ඇති බවත්ය.
එදින සිදුකල උද්ඝෝෂනය විපක්ෂයන්හි ඒකාබද්ධ උද්ඝෝෂණයක් හේතුවෙන් පක්ෂ නායකයන් පමණක් අදහස් දක්වන බවත් නියෝජ්‍යය නායකයන් හා අනිත් පිරිස් වෙත කතා ලබා දී කාලය නාස්ති කිරීමේ වුවමනාවක් තිබුනේ නැති බවද ඔවුන් පෙන්වා දෙති.
Source: http://www.gossip9.com/2012/03/blog-post_7472.html#ixzz1o5hrf4v1