Chitika Smowtion 468x60


Sunday, March 4, 2012

විලී ගමගේ කෝටි දෙකක අත්තිකාරමක් අරන්


ශ‍්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව සතු කර්මාන්තශාලා 03ක් පෞද්ගලික සමාගමක් වෙත දිගු කාලීනව බදු දීම සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකා සැකසීම වෙනුවෙන් රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විලී ගමගේ මහතා ‘‘ඇරෝමා නැචුරල් රබර් ප‍්‍රයිවඩ් ලිමිඩට්’’ යන ආයතනයෙන් රුපියල් කෝටි 02ක අත්තිකාරම් මුදලක් ලබා ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සීමාසහිත ශ‍්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාව සතු මාවනැල්ල කේන්ද‍්‍රපසාරී කර්මාන්තශාලාව, මාවනැල්ල ටයර් ටියුබ් කර්මාන්තශාලාව, බදුරලිය කේ‍්‍රප් රබර් කර්මාන්තශාලාව සහ ඇල්පිටිය හෝම් රබර් කර්මාන්තශාලාව පෞද්ගලික අංශයට බදු දීමට රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබූ අතර, එම අමාත්‍යාංශයේ ලේකම් විලී ගමගේ මහතා අදාළ ටෙන්ඩර් පත් සකසනු ලැබුවේ තමන්ට හිතවත් සමාගම්වලට වාසි සහගතවන පරිදිය.

ඒ අනුව මාවනැල්ල කේන්ද‍්‍රපසාරී කර්මාන්තශාලාව රුපියල් 5,258,780ක වාර්ෂික බදු මුදලකට මාවනැල්ල ටයර් ටියුබ් කර්මාන්තශාලාව රුපියල් 1,480,000ක වාර්ෂික බදු මුදලකටද, බදුරලිය කේ‍්‍රප් රබර් කරම්න්තශාලාව රුපියල් 474,000ක වාර්ෂික බදු මුදලකට ද කෙරමිණිය වත්ත, මාවනැල්ල, ඇරෝමා නැචුරල් රබර් ප‍්‍රයිවඩ් ලිමිටඩ් යන සමාගම වෙත වසර 30ක කාලසීමාවක් සඳහා බදු දීමට විලී ගමගේ මහතා නිර්දේශ කර තිබේ.

මේ සඳහා අනුමැතිය ගැනීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉතා ඉක්මනින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවට සහතික වී ඇති විලී ගමගේ මහතා ඉහත සඳහන් කෝටි 02ක මුදල ලබා ගෙන ඇත්තේ අත්තිකාරමක් වශයෙන් පමණි.


Source - lankanewsweb.com

Share this article with your friends