ජිනීවා අර්බුදයට එරෙහිව ජා-ඇල පැවති උත්සවයකදීයි ඔහු මේ අදහස් පල කළේ.
"ජා ඇල ආසනයේ තරුණයන් පන්සියයක් පමණ ඇවිත් මගෙන් ඉල්ලීමක් කෙරුවා ජනාධිපතිවරයාට විරුද්ධව එන බලවේග වලට මුහුණ දෙන්න අපටත් මරාගන මැරෙන බෝම්බ කරුවන් වෙන්න පුළුවන්ය කියලා.
මම කිව්වා කලබල වෙන්න එපා. අපි ටිකක් ඉවසලා බලමු කියලා. අපේ රටට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව තියෙනවා. ඒ නිසා තවදුරටත් අපට අවැඩක් වෙන්නේ නැහැ කියලා."
මීට පෙර මර්වින් සිල්වා අමාත්‍යවරයාද මෙවැනිම මරාගන මැරෙන හමුදාවක් තමන්ටද සිටින බව කියා සිටියා.
ඒ පසුගිය වසරේ මැයි මාසයේ එක්සත් ජාතීන්ගේ මහ ලෙක්ම් බෑන් කී-මූන්ගේ උපදේශන කමිටු වාර්තාව හෙවත් දරුස්මාන් වාර්තාව ට එරෙහිව රට තුළ උපවාසකරමින් විරෝධතා පවතිද්දීයි.
ඇමති මර්වින් සිල්වා ප්‍රමුඛ 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දරුස්මාන් වාර්තාවට එරෙහිව දිවි පිදීමට සුදානමින් සිටින බවයි ඔහු කියා සිටියේ. දරුස්මාන් වාර්තාවෙන් ලංකාව වැරදිකරු වුවහොත් තමා ඇතුළු 25 දෙනෙක් මරාගෙන මැරීමට සුදානමින් සිටින බවත් මුලින්ම මරාගෙන මැරෙන්නේ තමා බවද මර්වින් සිල්වා ඇමතිවරයා එහිදී වැඩි දුරටත් ප්‍රකාශකර සිටියා.
Source: http://www.gossip9.com/2012/03/500.html#ixzz1nu7I1iYx