ලන්ඩනයේ හීතෲ ගුවන් තොටුපොලේ ශ‍්‍රී ලංකන් එයාර් ගුවන් සමාගම සතු ‘ලෑන්ඩින් රයිට්ස්’ හොර රහසේ වෙනත් සමාගමට විකිණීමට ශ‍්‍රී ලංකන් එයාර් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා සහ ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා විසින් දැරූ උත්සාහයක් පිළිබදව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත වාර්තාවීමත් සමග ඒ පිළිබදව පරීක්ෂනයක් පවත්වා ඇති ලේකම්වරයා වහාම කපිල චන්ද්‍රසේන මහතා ඉවත්කොට පළපුරුදු විදෙස් විශේෂඥයෙකු එම තනතුරට පත්කරන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දී තිබේ.
ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සමග එම ආයතනය තුළ බරපතල වංචා ¥ෂණ ගණනාවක් සිදුකොට ඇති එහි සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා චන්ද්‍රසේන මහතා තවදුරටත් රඳවා ගැනීමට ජනාධිපති ආර්යාවගේ උදව් ඉල්ලා තිබේ. නිශාන්ත වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරා වේ. තම සොහොයුරාගේ ඉල්ලීම මත ශ‍්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායකයා තවදුරටත් එම තනතුරෙහි රඳවා තබාගන්නා ලෙස ආර්යාව විසින් කරන බලපෑම් හමුවේ රාජපක්ෂ පවුල අතර තවත් අභ්‍යන්තර ගැටුමක් නිර්මානය වී තිබේ.
කෙසේ වුවද කපිල චන්ද්‍රසේන මහතා වහාම ඉවත්කළ යුතු බවට ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටින බවත්, තමාගේ මස්සිනාවන ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා එම ගුවන් සේවයට සුරූපී ගුවන් සේවිකාවන් බඳවා ගැනීමේ පරීක්ෂණවලට පෞද්ගලිකවම සහභාගීවීම ජනාධිපතිවරයාට බරපතල ගැටලූවක් වී ඇති බවත් ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.

Source - lankanewsweb.com