ජයරත්න පතිආරච්චි මහතාට අනුව දැනට අප අධ්‍යනය කරන ශ්‍රී ලාංකික ඉතිහාසය සම්පුර්ණයෙන් වැරදි සහගතය. ඔහු විසින් ලංකාව පුරා ඇති සෙල් ලිපි ගණනාවක් අධ්‍යනයකොට ඇති අතර සෙල්ලිපි සෑම පුද්ගලයෙකුටම කියවිය හැකිසේ අක්ෂර මාලාවක් හදුන්වා දීමටද කටයුතු යොදා තිබිණි.
ඒ අනුව ඔහු සිදුකල ගවේෂණ වලින් ලංකාව පුරා ඇති සෙල් ලිපි 18 ක බුදු රජාණන් වහන්සේගේ නම සඳහන්ව ඇති බවත් බුදුන් උපන් දේශය ඉන්දියාව නොව ශ්‍රීලංකාව බවත් ඔහු මින් කලකට පෙර ප්‍රකාශකොට සිටියා.
මේ පිළිබඳව ජයරත්න පතිආරච්චි මහතා විසින් ලියනලද ලිපියකින් තමන්වහන්සේටත්, බුදු දහමටත් අපහාසකොට ඇති බව ප්‍රකාශ කරමින් හෑගොඩ විපස්සි හිමියන් අධිකරණයේ ජයරත්න මහතාට එරෙහිව නඩුවක් පැවරු අතර එම නඩුව ආරම්භයේදී ජයරත්න මහතා මානසික ව්‍යාධියකින් පෙලෙන්නේද යන්න පරික්ෂාකොට එසේ නොමැති බව සහතික කරගන්නා ලදී.
කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම රාවනා ශක්තියෙන් පෙර ආත්මයන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජයරත්න මහතාට තමාටත් තම බිරිඳටත් ආත්ම ගණනාවකදී දියණියක් ව සිටි දැරියක් ව සොයාගෙන ඇත.
එම දැරිය ඉතා දුප්පත් තත්වයේ පසුවන බැවින් ජයරත්න මහතා විසින් තමාගේ කළුතර ඇති ලක්ෂ 25 ක් පමණ වන නිවාස හා දේපල එම දියණියගේ පවුල වෙත ලියා දී බිරිඳ සමග තාවකාලික නිවසක පදිංචියට ගොස් ඇත.
ජයරත්න මහතා ලංකාවේ ඉතිහාස පිලිබඳ දරන මතය බලන්න මෙම වීඩියෝ පෙලින්
Source: http://www.gossip9.com/2012/02/blog-post_1424.html#ixzz1nu052fGv