Chitika Smowtion 468x60


Friday, March 2, 2012

හිතෙන හිතෙන ගණන් අය කරන බස් වංචාව


තෙල් මිල ඉහල යාම නිසා බස් ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා බස් හිමියන් විසින් වර්ජනයක් සිදුකොට බස් ගාස්තු සියයට විස්සකින් ඉහලට දමන ලදි. නමුත් මෙය ඉතාමත් අවිධිමත් ලෙස සකස් කරන ලද ක්‍රියාපටිපාටියකි.

අවාසනාවට මෙම මුදල රු.16 ටිකට් පතකටද ඉතුරු මුදල් ලබා දෙන්නේ රු.17 හෝ රු.18 අය කර ගෙනයි. මෙයට අමතරව ටිකට් පතක්ද ලබා නොදෙයි. මෙය පිළිබඳ අප කර විමසීමකදී දැනගැනීමට ලැබුනේ එම ටිකට් පත් ලබාදෙන යන්ත්‍ර වල නව මිල ගණන් සකස් කරන තුරු ටිකට්පත් ලබා දිය නොහැකි බවයි. මෙය කිතුල් ගහට ගිය මිනිසාට දීමට ඇති උත්තරයට සමානය.

දැනට බොහෝ බස් රථ සඳහා ටිකට්පත් යන්ත්‍ර ලබා දෙනුයේ ලිස්වින් 
ට්‍රේඩින් නැමැති ආයතනයයි. මෙහි හිමිකරු මීටර් ටැක්සි සඳහා සහ බස්රථ ටිකට්පත් යන්ත්‍ර ගෙන්වනු ලබන උපාලි ඩි සිල්වා නැමැති වංචාකාර ව්‍යාපාරිකයෙකි. 

එසේ වංචාකරුවෙකු ලෙසෙ හැඳින්වූයේ එම පුද්ගලයා විසින් ආනයනය කරන එම යන්ත්‍ර මාස කිහිපයක් තුල අක්‍රීයවන අතර එය නඩත්තු කිරීමටද ඔහුගේ එම ආයතනයට යායුතු අතර එයටද සැලකිය යුතු කාලයක් බලාසිටිය යුතු අතර අමතර ගාස්තුවක්ද ගෙවිය යුතුවේ.

ටිකට්පතක් ලබාදීම කෙරෙනුයේ බස් හිමියාට එදිනෙදා ගමන්ගත් මගීන් ප්‍රමාණය සහ ලැබී ඇති ලාබය ගණන් බැලීමට පමණක් නොවේ. මෙම මගී ප්‍රවාහණ බස්රථ මගීන් සමඟම රක‍ෂණය කරතිබේ හදිසි අනතුරක් සිදුවූ අවස්ථාවක ඒ සම්බන්ධව ඉදිරිපත් කල හැකි සාක‍ෂිය වන්නේ ටිකට්පතයි තවද උසාවියට පවා මෙම ටිකට්පත ඉදිරිපත් කිරීමට හැකියි.

සියළුම බස්රථ වල පාහේ ටිකට් පතක් නොමැතිව ගමන් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි යනුවෙන් ස්ටිකර් ගසා ඇත. නමුන් මෙම ටිකට්පත් නොදෙන බස්රථ කොන්දොස්තරවරුන්ට එරෙහිව ලබාදෙන දඬුවමක් නොමැති අතර එයින් තැලීමට පත්වන්නේ අසරණ මඟීන්ය.

එවැනි බස් රථයක් පිළිබඳ වගකිව යුතු ආයතනයට පැමිණිලි කල පසු ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සතුටු විය නොහැකිය. අනික් දෙසින් යන බස් රථයෙන් සංඥාවක් නිකුත් කල සැනින් බස් රථය මොහොතකට නවතා සියළුම දෙනාට ටිකට්පත් නිකුත් කරනු ලැබේ.

එසේම මෙවැනි වංචනික බස් රථ සඳහා දෙන දඩුවම්ද ඉතා ලිහිල් වේ නමුත් කල යුත්තේ එවැනි බස් රථ බලපත්‍ර කිහිපයක් තහනම් කිරීම හෝ එවැනි බස් රථ යම් කිසි කාලයක් සඳහා අවලංගු කිරීමකි. නමුත් එවැනි දෙයක් සිදු නොවේ. මෙයට හේතුව අදාල බලධාරීන් පුද්ගලික වාහන වල ගමන් කිරීම හා කොන්ද පණ නැති කමයි.

සාමාන්‍ය බස් රථයක මගීන් රැගෙනයා හැක්කේ එම සීට් ගාණට හා එම සීට් ගානෙන් හරි අඩකට පමණ පිරිසක් හිටගෙන යා හැකිය. නමුත් සාමාන්‍ය බස් රථ වල ඇරුණු විට සුඛෝපභෝගී බස් රථ වලද කට පිරෙන්නට සෙනඟ ගෙනයනු ලබයි. මෙයට එරෙහි වන මඟීන්ට අනෙක් මඟීන් ඉදිරියේ පරුෂ වචනයෙන් බැන අපහසුතාවයට පත්කරනු ලබයි.

මෙම බස් රථවල හිමිකරුගේ දුරකථන අංකය සහ ගැටළු ඉදිරිපත් කිරීමට අදාල ආයතනයක දුරකථන අංකයන් ප්‍රදර්ශණය කල යුතු වුවද එසේ කරනුයේ කීයෙන් කීප දෙනෙකි.

රජය විසින් බස් ගාස්තු වැඩිකිරීමේදී අසරණ ජනතාවට ලබා දෙන බස් රථ සේවාව ගැනද සැලකිලිමත් විය යුතු නමුත් එයට වඩා සංදර්ශණ පැවැත්වීමට , ඕකිඩ් පැල වලට නම් තැබීම ඔවුන්ට ලොකුය.

- ආර්. රත්නායක




Source: http://www.gossip9.com/2012/02/blog-post_3134.html#ixzz1ntragbqD

Share this article with your friends