Chitika Smowtion 468x60


Friday, March 2, 2012

රුපියල් 106 ට මිල නියම කළ ඞීසල් රුපියල් 115 ක් වූයේ කෙසේද?


අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේද අනුමැතිය ඇතිව රුපියල් 106 ක් දක්වා මිල වැඩි කිරීම අනුමත කරන ලද ඞීසල් ලීටරයක මිල හිටි අඩියේම රුපියල් 115 දක්වා මිල වැඩිවූයේ කෙසේදැයි යන්න මේ දිනවල අමාත්‍යවරුන් හා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර කතාබහ වෙමින් පවතී.
පසුගියදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් පාලන මන්ත‍්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, අරලිය ගහ මන්දිරයට කැඳවා කරන ලද කරුණු පහදාදීමකදී මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඔහුගේ දේශනයෙන් අනතුරුව පැවති කතාබහකදී මෙසේ ඞීසල් රුපියල් 115 දක්වා වැඩි කිරීම මහාභාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ අත්තනෝමතික තීරණයක් බවට ඉඟිකොට තිබේ.

මෙම රැුස්වීම සඳහා දේශනයක් පැවැත්වීමට ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාටද ආරාධනා කොට ඇතත් ඔහු පපුවේ අමාරුවක් බව කියමින් රැුස්වීමේ දේශනය පැවැත්වීම මගහැර ඇත.

මෙහිදී සියලූමදෙනා හමුවේ කරුණු දක්වා ඇති බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා පවසා ඇත්තේ ‘‘චන්ද්‍රිකාව අමාරුවේ දැම්ම නිලධාරින්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටත් ඒ ඉරණමම අත්කරදී රටේ ආර්ථික වර්ධන වේගය රින අංගයක් කරා ගෙනයාමට කටයුතු කරන බවයි’’.

ආණ්ඩුපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ මෙම චෝදනාවට පසුව පිලිතුරු දී ඇති මහාභාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසා ඇත්තේ ‘‘දැයට කිරුළ වගේ කිසිම වැදගැම්මකට නැති නාස්තිකාර සෝභන වැඩ සඳහා තමා මුදල් ප‍්‍රතිපාදන වෙන්කරන්නේ මෙසේ තම අභිමතයට භාණ්ඩ මිල වැඩිකිරීමෙන් බවත්, මෙවැනි නාස්තිකාර වියදම් කපාහරින්නැයි තමාට උපදෙස් ලැබුනොත්  මහජනතාවට සහන ලබාදී මීට වඩා පහසුවෙන් ආර්ථිකය කළමනාකරනය කිරීමට තමාට හැකි බව’’ පවසා තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends