Chitika Smowtion 468x60


Friday, March 2, 2012

බීමත්ව රිය පැදවූ හිමිනමගේ පෙර වැරදිත්


භික්ෂුන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට සටන්කරන විමලවංශ හිමියෝ නමින් ලිපියක් මීට පෙර අප විසින් ගෙන එනු ලැබුවා. 

එහි සඳහන් වුනේ 2004 වසරේදී ආචාර්ය පරගොඩ විමලවංශ ස්වාමීන් වහන්සේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ගිය අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලාට රියදුරු බලපත්‍ර නිකුත් කල නොහැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ප්‍රකාශ කිරීම නිසා එය අභියෝගයකට ලක් කරමින් අදාළ හිමිනම විසින් පෙත්සමක් ගොනු කළ පුවතක්.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කල් භික්ෂූන් වහන්සේලා සඳහා රියැදුරු බලපත‍්‍ර නිකුත් කර නොමැති තත්ත්වයක් තුළදී බීමත්ව රිය පදවා අනතුරු සිදු කළ වාර්තා ගනනාවක් පසුගිය කාලයේ වාර්තා වුනේ.

2011 අගෝස්තු 09 වනදා දිනමිණ පුවතකින් කියවුනේ මත්පැන් පානය කර වෑන් රථයක් පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් භික්ෂූන් වහන්සේ නමකට (හෙවත් වැරදි කළ විට චීවරධාරියකු ලෙස මාධ්‍ය විසින් නම් කරනු ලබන අයකුට) කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා රුපියල් විසිපන් දහස් පන්සීයක දඩයක් නියම කළ බවයි.

කුරුණෑගල නගරයේ වැව පාරේ වෑන්රථයක් ධාවනය කරමින් තවත් වෑන් රථයක ගැටී අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගන්නා ලද මෙම භික්ෂූවගේ මුවින් මද්‍යසාර ගඳ වාහනය වීම නිසා, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමෙන් පසු බීමත්ව සිටි බව තහවුරු වූ බවයි පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුනේ.

ඉන්පසු පසුගිය සතියේ එවැනිම පුවත් දෙකක් වාර්තා වුණා.

ඉන් එක පුවතකින් කියවුනේ රියැදුරු බලපත‍්‍ර නොමැතිව පසුගිය 23වෙනිදා රාත‍්‍රී 10.30 ට පන්නිපිටිය හයිලෙවල් පාරේදී බීමත්ව මෝටර් රථයක් පදවා එය තවත් මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කළ නුගේගොඩ ජම්බුගස්මුල්ල විහාරස්ථානයක සිටින කිතලව පඤ්ඤාජීව නම් හිමිනමක් ගැනයි. 58 හැවිරිදි එම හිමි නමගේ අනතුරින් පසු එක අතක් කැඩී තිබුණා.

අනතුර සිදුවූ අවස්ථාවේ මත්පැන් බෝතල් 3ක්, සිගරට් පැකට් හා ඌරු මස් පාර්සලයක් එම හිමියන්ගේ මෝටර් රථයේ තිබී සොයාගන තිබුණා. පදවා තිබුනේ WP KS 0593 සුසුකි මෝටර් රථය වන අතර හප්පා තිබුනේ 31 ශ්‍රී 4563 දරන ටොයෝටා ලෑන්කෲෂර් ජීප් රියකි.

රිය අනතුරේ සිදුවීම විස්තර කරන ලෑන්කෲෂර් රථය පැදවූ ජූඩ් ත්‍යාගරාජා මහතා 
"මම කොට්ටාව සිට මහරගම දෙසට පැමිණෙමින් සිටියේ. එවිට වේගයෙන් මහරගම සිට කොට්ටාව දෙසට පැමිණි රථයක් මගේ වාහනයේ හැපී වට කිපියක් කරකැවී විසි වුනා.

මම වාහනයෙන් බස ගියා අනතුරට පත්වූ රථය බලන්න.එහි සිටියේ හිමිනමක්.ඔහුගේ ඔලුව සුක්කානමේ වැඩි වාහනයේ නලාව එක දිගටම නාද වෙමින් පැවතුනා.

අවට සිටි පිරිසගේ සහය ඇතුව ඔහු එලියට ගත්විට ඔහුගේ නහයෙන් ලේ ගලමින් තිබුන අතර ඔහුට කෙලින් සිටීමට පවා නොහැකි තත්ත්වයකයි සිටියේ.

මම සිතුවේ අනතුරේ බරපතලකම නිසා සිට ගැනීමට නොහැකි බවයි. නමුත් පසුව එතනට රොක්වූ පිරිස විසින් වාහනය ඇතුලේ තිබු බියර් කෑන් සිගරට් හා උරු මස් පෙන්වා දෙනු ලැබුවා."
අනතුරින් පසු ජීප් රථ හිමියාට මුදල් ලබාදී බේරීමට තැත් කර තිබෙන අතර අනතුරින් අත කැඩී තිබූ නිසා කළුබෝවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා. එහිදී උන්වහන්සේගේ මල්ලේ තිබී බියර් කෑන් කීපයක් සොයාගන තිබූ අතර්ට එබැවින් භික්ෂූන් වහන්සේ කෙනෙක් නිසා විශේෂ කාමරයක් සූදානම් කිරීමට තිබූ අවස්ථාව අහිමිවී සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබුණා.

අද (මාර්තු 01) දින පඤ්ඤාජීව හිමියන් නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනීසිටීමට නියමිතව තිබෙනවා.

එම හිමි නමටම මීට පෙරත් පෙර වැරදි සඳහා දඩ නියමවී තිබුණා. ඒ 2011 ඔක්තෝබර් මාසයේ බීමත්ව මෝටර් රථයක් පදවා කහතුඩුවේදී යතුරුපැදියකින් ගමන් ගත් යුද හමුදා සෙබළකුට තුවාල සිදුකිරීම නිසයි. එහිදී අධිකරණය ඉදිරියේ වරද පිළිගත් එම හිමි නම රු. 26,000ක දඩයක් හා රු. 20,000ක වන්දියක් ගෙවා තිබුණා. එහිදී පදවා තිබුනේ WP KJ-9137 දරන මෝර්ටර් රථයයි.

එම හිමි නමගේ අනතුරු දෙකේම ජායාරූප අප වෙත ලැබී තිබෙනවා. 


2011 ඔක්තෝබර් මාසයේ බීමත්ව රිය පදවා අනතුර සිදු කල අවස්ථාවේ ගත් ජායාරූප

















2012 පෙබරවාරි 23වනදා අනතුරේ ජායාරූප.






දිනෙන් දින බුදුසසුනට නිගා දෙන චීවරධාරීන්ගේ ප්‍රමාණය ඉහල යන අතර බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා දුස්සීල භික්ෂූන් වහාම ශාසනයෙන් ඉවත්කිරීම කළ යුතු කාලයක් පැමිණ ඇත.










Source: http://www.gossip9.com/2012/03/blog-post.html#ixzz1nu62lWjr

Share this article with your friends