Chitika Smowtion 468x60


Friday, May 18, 2012

ජනපතිගේ පවුලට උඩින් යන්න රු. කෝටි 302 ක්


ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් යැයි කියමින් අති නවීන ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට රාජපක්‍ෂ ආණ්ඩුව සූදානම් වේ. ජනාධිපතිවරයාගේ හා ඔහුගේ පවුලේ උදවියගේ ගමන් බිමන් සඳහා සුපිරි පහසුකම්වලින් සමන්විත මෙම වී.වී.අයි.පී. හෙලිකොප්ටර් යානා දෙක මිලදී ගැනීමට නියමිතය. මේ සඳහා වැය වන මුදල රුපියල් කෝටි 302 ක් බව පැවසේ.
ඉකුත් මැයි 08 වනදා ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගුවන් යානා දෙකක් මිලදී ගැනීම සඳහා වූ ප‍්‍රතිපාදන ඌණතාව පියවා ගැනීමට යයි සඳහන් කරමින් මේ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩුවේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස මෙම පරිපූරික ඇස්තමේන්තුව සභාගත කළත්, ඒ පිළිබඳ වැඩි විස්තරයක් තමා නොදන්නා බව දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු සමඟ පවසා තිබේ.
කෙසේ වෙතත් රුසියානු රජයෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 300 ක ණය ආධාර ඇතිව හෙලිකොප්ටර් යානා 14 ක් මිලදී ගැනීමට රාජපක්‍ෂ රජය මේ වන විට තීරණය කර ඇත. ප‍්‍රභූ ගමන් වාර සඳහා යොදා ගන්නා සුපිරි හෙලිකොප්ටර් යානා දෙක ඇතුළත්ව ඇත්තේද එම මිලදී ගැනීමටය.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට ඉකුත් වසරේද හෙලිකොප්ටර් යානා 04 ක් මිලදී ගනු ලැබීය. එයින් යානා දෙකක් ජනාධිපතිවරයාගේ හා ඔහුගේ පවුලේ උදවියගේ ගමන් බිමන් සඳහා යොදවා ගෙන ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends