Chitika Smowtion 468x60


Friday, May 18, 2012

අධිකරණය ජෙනරාල්ට ඇප ලබාදෙයි


පසුගිය ජනාධිපතිවරණ සමයේදී යුද හමුදාවෙන් පළා ගිය සෙබළුන් නීත්‍යානුකූල නොවන පරිදි සේවයේ යොදා ගත් බවට චෝදනා කරමින් රිමාන්ඞ් භාරයේ පසුවූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (18) පෙරවරුවේ නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ෆොන්සේකා මහතා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලූම් මත විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා එම නියෝගය ලබා දුන්නේය.
එම චෝදනා යටතේ වසරකට වැඩි කාලයක් රිමානඞ් භාරයේ රඳවා ගෙන සිටි ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් සේනක ද සිල්වා මහතාට මීට පෙරදී ඇප ලබා දී තිබිණ.
කෙසේ වුවද මෙම නඩුව ජුනි 07 වනදා නැවත විභාගයට ගැනීමට නියමිත අතර, සති කිහිපයක් ඇතුළතදී එම නඩුව ඉල්ලා අස් කර ගැනීමට ජනාධිපතිවරයා, ජෙනරාල්ගේ පාර්ශවයට පොරොන්දු වී තිබේ.
අධිකරණය වෙත සිදු කෙරෙන අනිසි දේශපාලන බලපෑම්වලට තවදුරටත් ඉඩදිය යුතු නැති බවට අධිකරණ ක්‍ෂේත‍්‍රය තුළින් නව ප‍්‍රවණතාවයක් ගොඩනැගෙමින් පවතින බවත්, ඒ අනුව ජෙනරල් ෆොන්සේකා මහතාට අද ඇප හිමිවන බවත් අප මීට පෙර වාර්තා කළෙමු. එම නව ප‍්‍රවණතාවය පිළිබඳව ජනාධිපතිවරයා වෙතද වාර්තා වී තිබූ අතර, ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කටයුතු කිරීමටද එම තත්ත්වය බලපා ඇති බව අප වාර්තා කළෙමු.

Source - lankanewsweb.com

Share this article with your friends