Chitika Smowtion 468x60


Friday, May 18, 2012

සරත් ෆොන්සේකා හෙට නිදහස්...!!



හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රී හදිසියේම ජනාධිපතිවරයා ටිරාන් අලස් මහතාගේ ගෙදර ගොස් තිබූ අතර අනෝමා ෆොන්සේකාගේද සහභාගීත්වයෙන් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස්කිරීම පිළිබඳව එහිදී සාකච්ජා කර තිබුණා.

ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව යුධ ජයග්‍රහණයට වසර 3ක් සපිරෙන්න දිනය ඉහලින් සැමරීමට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. මීට පෙර එම සැමරුම් දෙකම සැමරුවේ සරත් ෆොන්සේකා මහතා සිරකර තබාගනයි.

එම උත්සවයට සරත් ෆොන්සේකා මහතාව සහභාගී කරගනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු වෙනවා.

නිදහස ලැබීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව සඳහා හමුදා භටයින් වෙනුවට එස්.ටී.එෆ් බටයින් යෙදවීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබෙන අතර ඒ සඳහා ටිරාන් අලස් මහතාගේ කැමැත්ත ලැබී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

වසර 30ක යුද්ධය ජයග්‍රගණය කිරීමට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විශාල දායකත්වයක් දැරූ නමුත් පසුගිය කාලය පුරාවටම රජය උත්සාහ දැරුවේ සරත් ෆොන්සේකාගේ නම යුධ ඉතිහාසයෙන් මකා දැමීමයයි. එතනින්ද නොනවතී මහාවංශයෙන්ද එතුමාගේ නම ඉවත් කරණු ලැබුවා.

කොළඹ දී පැවැත්වූ "ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශ්‍රි ලංකාවේ යුධ අත් දැකීම්" අන්තර්ජාතික සමුළුවේදී රජය විසින් විවිධ රටවලින් එයට සහභාගී වූ ආරක්ෂක අංශ වල ප්‍රධානින් හට වැරදි තොරතුරු ලබා දී තිබිණි.

එහිදී ප්‍රකාශ කොට තිබුනේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවසන් සටනට නායකත්වය ලබාදුන්නේ වර්තමාන හමුදාපති ජගත් ජයසුරිය මහතා බවයි. අවසන් සටනේදී නායකත්වය ලබාදුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම ලේඛන වලින් ඉවත්කොට තිබුණි.

හමුදා මෙහෙයුම් සදහා නායකත්වය ලබාදුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ප්‍රකාශ කොට තිබූ නමුත් අවසන් සටනේදී යුධ හමුදාවේ සේනාංක 20 කට බලසේනා 71 ට, සේනා ඛන්ඩ 284 කට නායකත්වය ලබාදුන් සරත් ෆොන්සේකා ගේ නම කිසිදු තැනක සඳහන් වී තිබුනේ නැත.

පසුගිය අගෝස්තු 01 වෙනිදා මානුෂික මෙහෙයුම පිළිබඳව පොතක් එළි දැක්වූ අතර, පසුගිය සඳුදාද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් "ගෝඨාස් වෝ" නමින් පොතක් එළි දැක්වුවා.

නමුත් ඒ කිසිම අවස්ථාවකදී අවසන් සටනේදී යුධ හමුදාවේ සේනාංක 20 කට බලසේනා 71 ට, සේනා ඛන්ඩ 284 කට නායකත්වය ලබාදුන් සරත් ෆොන්සේකා ගේ නම සඳහන් නොකිරීමට රජය ක්‍රියා කළේය.

මේ වන විට සරත් ෆොන්සේකා මහතාගේ විශ්‍රාම වැටුපද අහිමි කර ඇති අතර ජෙනරාල් නාමයද අහිමි කර තිබෙනවා.






Source: http://www.gossip9.com/2012/05/blog-post_9970.html#ixzz1v9lUQPIs

Share this article with your friends