Chitika Smowtion 468x60


Friday, May 18, 2012

එකම පීල්ලේ දෙවන දුම්රිය අනතුරත් සිදුවේ


එකම පීල්ලේ දෙවන දුම්රිය අනතුරත් සිදුවේ: 30 කට තුවාල

දුම්රිය සඥා පද්ධතිය නිවැරදිව ක්‍රියා නොකිරීම නිසා 
අප වෙබ් අඩවිය ඊයේ (17) රාත්‍රී එකම පීල්ලේ ගමන් ගත් දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් යළිත් දුම්රිය අනතුරක් සිදු වී තිබේ. මෙම අනතුරින් මගීන් 30 ක් පමණ තුවාල ලබා ඇති අතර එක් දුම්රියක් පීලි පැන ඇත. තුවාල කරුවන් අතර බරපතල තත්ත්වයේ අය නොමැති බව වාර්තා වේ. මෙය සිදුව ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ කීනවල සහ වඳුරව යන දුම්රිය ස්ථාන අතරතුර දීය.

මගී ජනයා විසින් 'හිඟන්නා' නමින් හඳුන්වන රාත්‍රී 7.30 ට පොල්ගහවෙලින් පිටත්ව කොළඹ බලා දිවෙන මගී දුම්රිය කිසියම් දෝෂයක් නිසා ඉහත දුම්රිය ස්ථාන දෙක අතර නතර කර තිබී ඇත. මෙම දුම්රිය පැය භාගයකටත් වඩා වැඩි කාලයක් එලෙස නතර කර තිබී ඇත. ඉන් පසුව පසුපසින් පැමිණි කොළඹ බලා දිවෙන ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් ද නවතා ඇති හිඟන්නා දුම්රියේ වැදී තිබේ.

මගීන් පවසන්නේ පැය භාගයක් තිස්සේ නවතා තිබූ මගී දුම්රිය ගැන දුම්රිය සඥා පද්ධතිය ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියට දැනුම් නොදුන්නේ මන්ද යන්න යි. මේ ආකාරයට මීට මාස කිහිපයකට පෙරද දුම්රිය අනතුරක් සිදුවිය. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඇති සඥා පද්ධතිය දොස් සහිත බව පසුගියදා ප්‍රවාහන ඇමැති වෙල්ගම මහතාම පාර්ලිමේන්තුවේදී පිලිගත්තේ ය. දකුණු අධිවේගී දුම්රිය නියමිත වේගයෙන් ධාවනය කළ නොහැක්කේ සඥා පද්ධතියේ දොස් නිසා බව ඔහු එහිදී පැවසීය.

Share this article with your friends