ඊට අමතරව එම සිදුවීම දේශපාලන කරලියේ ආණඩුවට එරෙහි විශාල ජනමතයක් ඇති කෙළේය.
මේ හේතු නිසා ගෝඨාභය විසින් තමන්ගේම මෙහෙයැවීම මත මහවිලච්චියට යැවූ එස්ටීඑෆ් භට කණ්ඩායමට අණදුන් සහකාර පොලිස් අධිකාරී ඩී.කේ.හෙට්ටිආරච්චි වෙත චෝදනා පත්රයක් ලබා දීමට ගෝඨාභය විසින්ම උපදෙස් දී තිබේ. එය හුදෙක් දැනට ඇති වී තිඛෙන විරෝධතාවය සමහන් කිරීමට පමණක් යොදා ගන්නා බවත් ඒ වෙනුවෙන් ඉන් එහා යන කිසිදු ක්රියාවක් සිදුනොවන බවත් අප වෙබ් අඩවිය වෙත දැනගන්නට තිබේ.
මෙය ආරංචි වී ඇති නිදන් හොර මුලේ අණදෙන්නා වූ ඒ.එස්.පී. හෙට්ටිආරච්චි ඉමහත් විස්සෝපයට පත්ව ඇතැයි ගෝනහේන කඳවුරේ නිලධාරීහු පවසති. ඔවුන් පවසන්නේ රාජපක්ෂ රෙජීමයේ අවනීතික ක්රියාවලට කරදෙන උරදෙන කාටත් මේවා පාඩම් විය යුතු බවයි. මහඔයදී මරා දැමූ එස්ටීඑෆ් ඒඑස්පී සිසිරකුමාරගේ සිද්ධියද ඔවුන් මේ අවස්ථාවේ සිහිකරති. සිසිරකුමාර ද කලක් ගෝඨාභයලා කියන කියන දේ ඉටු කළ නිලධාරියෙකි.
Source - http://www.facebook.com/lankaenews