ෆොන්සේකා නිදහස් කිරීමේ රාජපක්ෂ චිත්‍රපටය සහ නිදහසින් පසු ෆොන්සේකා නම් දේශපාලනඥයාගේ ගමන් මග
දැනට පෙනෙන ආකාරයට ජනාධිපති වරයා විසින් නුදුරු දිනකදී සරත් ෆොන්සේකාව නිදහස් කිරීමට කටයුතු කරනු ඇත. ජාත්‍යන්තර මාධ්‍ය වෙත ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ සොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය හිටපු හමුදාපති වරයා නිදහස් කරන මෙන් ඉල්ලා සිටින බවත් එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මාස 6 ක පමණ සිට අදාල කරුණ අරභයා තමන් සමග සාකච්ඡා කරමින් සිටින බවත්ය. ජනාධිපති වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් විදේශ ගත වී ඇති බැවින් ඔහු දිවයිනට පැමිණි පසුව හිටපු හමුදාපති වරයා නිදහස් කිරීම සඳහා තව දුරටත් සලකා බැලිය යුතු කාරණා සම්බන්ධව අවසන් තීරණයකට පැමිණෙන බවය. මෙම ප්‍රකාශයන් තහවුරු කරමින් 16 වන දින උදය වරුවේ ජනාධිපතිවරයා මුනගැසී හිටපු හමුදාපති වරයාගේ සුවදුක් බැලීමට රෝහලට පැමිණි ටිරාන් අලස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ හිටපු හමුදාපති වරයා හැකි ඉක්මනින් නිදහස් කිරීමට උදෑසන පැවති සාකච්ඡාවේදී ජනාධිපති වරයා එකඟ වූ බවයි. මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අලස් මන්ත්‍රී වරයා කියා සිටියේ මේ සඳහා කිසිදු කොන්දේසියක් රජය පාර්ශවයෙන් ඉදිරිපත් නොකළ බවයි. මේ බව අනෝමා ෆොන්සේකා මහත්මියද පසුව තහවුරු කළාය.
නමුත් මාස ගනනක් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම උදෙසා රජය අපහසුතාවයට පත් කෙරෙන කිසිදු උද්ඝෝෂණයක් සිදු කිරීම සහ රජයට එරෙහිව විපක්ෂ දේශපාලන පක්ෂ විසින් පැවැත් වූ කිසිදු උද්ඝෝෂණයන්ට සහභාගි නොවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ කොන්දේසිය පිලිබඳව ටිරාන් මන්ත්‍රීවරයා කිසිවක් කිවේ නැත. 17 වන දින පුවත්පත් වාර්තා කරන අන්දමට එදින සවස අනෝමා ෆොන්සේකා මහත්මිය ටිරාන් මන්ත්‍රීවරයා ගේ නිවසේදී ජනාධිපතිවරයා මුණ ගැසී ඇත. මෙම සාකච්ඡා සාර්ථක වූ බවද ඇය මාධ්‍ය වෙත පැවසුවාය. මේ අතර ඛෙලිඅත්තේ බැංකුපොත් ඛෙදා දීමේ රැස්වීමකදී සජිත් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති වරයා සමග සාකච්ඡා කිරිම උදෙසා සිය ස්තූතිය ටිරාන් අලස් වෙත පිරිනැමුවේය.
මේ ලියන මොහාත වන විට ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බවද මාධ්‍ය මගින් ප්‍රචාරය කෙළේය.
සිරකරුවෙකුට ජනාධිපති සමාව දීමේදී ඉහත කතා කිසිවක් වැඩක් නොවේ. ව්‍යවස්ථාව අනුව එය ජනාධිපතිවරයා සතු අභිමතානුසාරී බලයකි. එයට ටිරාන්ලාත් අනෝමලාත් කැබිනට් මණ්ලඩයවත් අවශ්‍ය නොවේ. නිවසේ සිටි ෆොන්සේකා කුදලාගෙන ගියේ මේ කිසිවෙකුගෙන් අසා නොවේ. මේ ජනතාවට පෙන්වමින් සිටින්නේ ෆොන්සේකා නිදහස් කිරීමේ චිත්‍රපටිය යි. මෙම චිත්‍රපටියේ වීරයා රාජපක්ෂ වීමටත් වරෙක රාජපක්ෂ ටිරාන්ව වීරයා කිරීමටත් සියළු උත්සාහ කරන බව පෙනී යයි.
සත්‍ය කතාව නම් මේ කිසිවක් නොව. අද 18 දා උදෑසන ඇමරිකාවේදී ජීඇල් පීරිස් හිලරි ක්ලින්ටන් හමුවීමට පෙර මෙන්න අපි ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරලා තියෙනවා. 'අපි හොඳ ලමයි' කියා පෙන්වීම එකකි. අනෙක් පසින් හමුදාව යොදා නිදන් හාරන, කටුගේ පවා කඩා කඩු සොරකම් කරන හොරුන් ලෙසත්, සුදු වෑන් මිනීමරුවන් ලෙසත්, බැංකු වල සල්ලි මහදවාලේ සොකරම් කරන්නන් ලෙසත් රාජපක්ෂලා දැන් දැන් ජනතාව තේරුම් අරන් සිටින බැවින් ඔවුන්ව මුලා කිරීම දෙවැන්නයි.
ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත යුද ජයග්‍රහණ සැමරුමේදී සරත් ෆොන්සේකාගේ නිදහස ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරිමට වැඩි ඉඩ කඩක් ඇත. මෙමගින් හිටපු හමුදාපතිවරයා නිදහස් කිරීමේ පූර්ණ ගෞරවය රාජපක්ෂලා සතු කර ගනු ඇත.
තතු මෙසේ වෙතත් සරත් ෆොන්සේකා හෝ ඔහුගේ පාර්ශවයේ කිසිවකු ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලීමක් සිදු නොකල බව සැලැකිය යුතුය. ඒ සම්බන්ධව නිසි ගෞරවයද ඔවුනට හිමිවිය යුතුය.
නමුත් මෙම නිදහස සිවිල් නිදහස ඇතුළු පූර්ණ නිදහසක් වේද යන්න සමහර කොටස් සැක උපදවයි. හිටපු අග විනිසුරුට අනුව ඔහුව නිදහස් කල පමණින් මැතිවරණයකට ඉදිරිපත් වීමේ අයිතිය හිමි වන්නේ නැත. ඒ සඳහා තවත් වසර හතක් පමණ බලා සිටිය යුතුව ඇත. හිටපු අග විනිසුරු කියා සිටින්නේ ප්‍රජා අයිතිය සහ සිවිල් අයිතිය ඇතුළු පූර්ණ නිදහසක් ප්රදානය කිරීමේ අභිමතය ඇත්තේ ජනාධිපතිවරයා සතුව බවයි.
මේ කෙටි සටහනේ අරමුණ සරත් ෆොන්සේකා නම් දේශපාලනඥයාගේ අනාගත දේශපාලන චලනයන් සම්බන්ධව කෙටි පුරෝකථනයක් කිරීමයි.
මීට වසර දෙකකට ඉහතදී සරත් ෆොන්සේකා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත්තේ ඔහු සෝමවංශ අමරසිංහ, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් වැනි පක්ෂ නායකයින් සමග දේශපාලන සාකච්ඡාවක නිරත වෙමින් සිටියදීය. ජනාධිපතිවරණයෙන් අනතුරුව දුර්දාන්ත රාජපක්ෂ පවුල් පාලනය අවසන් කිරීමේ අරමුනින් විපක්ෂය ඒකාබද්ධ කිරීමේ ව්‍යායාමයක නිරත වී සිටි බව ඔහු නිදහස් ලෝකයේ සිටි අවසාන මොහොත සාක්ෂි දරයි. ඉන් පසුව පැවති මහ මැතිවරණයේදී ජවිපෙ සමග සන්ධාන ගත වී තරඟ කොට පාර්ලිමේන්තු ආසන තුනක් දිනා ගැනීමට ඔහුගේ නායකත්වයෙන් යුතු ජාතික සංධානය සමත් විය. මෙය නව දේශපාලන පක්ෂයක් ලෙස පාර්ලිමේන්තු දේශපාලනය තුල විශේෂ ජයග්‍රහණයක් බව සැලැකිය යුතුය. කෙසේ වෙතත් මෑත කාලීනව විපක්ෂ දේශපාලන අවකාශය තුල එම ජාතික සන්ධානය හුදකලා වූ බව අප කව්රුත් දනිමු. මේ පිලිබඳව මීට පෙර සටහන් තබා ඇති බැවින් සරත් ෆොන්සේකාගේ නිදහස නව දේශපාලන වට පිටාව තුල සලකා බලමු.
ඊයේ එක් මාධ්‍යවේදියෙක් අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් සරත් ෆොන්සේකා ගේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරිත්වය ජවිපෙ සමගද නැතිනම් සජිත් පිල සමගදැයි ප්‍රශ්න කර සිටි අතර ඇය ප්‍රකාශ කර සිටියේ ඒ පිලිබඳව ඔහුගෙන්ම විමසා සිටින ලෙසයි. මේ මාධ්‍යවේදියා ඉදිරිපත් කල ප්රශ්නය තුල පූර්ව නිගමනයන් දෙකක් ගැබ්ව ඇත. නිගමනය වන්නේ සරත් ෆොන්සේකා රනිල්ගේ නායකත්වයෙන් යුතු එජාපයට එකතු නොවනු ඇති බවයි. මේ නිරීක්ෂනයන් දෙකම යථාර්ථයට වඩා සමීප බව මාගේද අදහසයි. එජාපය සරත් ෆොන්සේකාව පක්ෂය තුලට ගෙන මැයි දිනය හරහා පසු බෑමකට ලක් වී ඇති සජිත් පිලට නව ජවයක් ලබා දෙනු ඇතැයි සිතිය නොහැක. සරත් ෆොන්සේකා එජාපය තුලට ගන්නේ නම් ඒ සමගම සජිත්ව එජාපයෙන් ඉවත් කිරීම ද එක විටම වාගේ සිදුවනු ඇත.
පෙරටුගාමීන් විසින් ජවිපෙ මත මුදාහල වාමවාදී තෙරපුම මත මෑත කාලීනව සන්ධාන දේශපාලනයකට ඔවුන් නොයනු ඇත. එසේම ජවිපෙ වැනි මධ්‍යගත පත්ෂයක් තුල හිටි හැටියේ උඩින් පාත් වෙන්නන්ට නායක මට්ටමේ ස්ථාන වෙන් කරන්නේ නැත. එබැවින් සරත් ෆොන්සේකා කැමති වූවත් ජවිපෙ තුල ඔහුගේ කණ්ඩායමට ඉඩක් ඇත්තේ නැත.
සිදුවීමට වඩාත් වැඩි සම්භාවිතාවක් ඇත්තේ සජිත් පිල සමග යම් දේශපාලන ක්‍රියා මාර්ගයකට යෑමයි. මේ වන විට ටිරාන්, මහාරාජා සහ සජිත් අතර අප්‍රකට සන්ධානය මෙයට පිටුවහලක් වනු ඇත. නමුත් මේ දේශපාලන එකතු වීම සරල කාරණයක් නොවන අතර ආකාර කිහිපයක ප්‍රතිඵල ලබා දෙනු ඇත. සජිත්ගේ මූලික දේශපාලන අරමුණ වන්නේ කල් යල් අනුව එජාප නායකත්වයට පත් වීම නොව කෙසේ හෝ ඉක්මනින් එජාප නායකත්වය ඩැහැ ගැනීමයි. එහිදී ඔහුගේ උපාය වන්නේ ඉදිරි මැතිවරණ වලින් එජාපය පැරදවීමට සලස්වා එහි වගකීම රනිල් මත පටවා පක්ෂ නායකත්වයට පත් වීමයි. එය අවදානම් රහිත මෙන්ම දුෂ්කරතා රහිත එහෙට මෙහෙට ඩීල් දමමින් යා හැකි දේශපාලන ගමනකි. එය ඇඟට මෙන්ම සාක්කුවටද සනීප ගමනකි. එජාපයෙන් නෙරපීමේ අවදානම ඇඟට දැනෙන තෙක් සජිත් පක්ෂයෙන් ඉවත් වේ යැයි සිතිය නොහැක. අනෙක් අතට සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුතු එකතුවක ඔහු අනිවාර්යයෙන්ම දෙවෙනි පෙල නායකයකු බවට පත් වනු ඇති අතර ටිරාන්ට සහ කරූ ට වඩා පහලින් තබනු නියතය. එමගින් සජිත්ගේ නායකත්ව සිහිනය සිහිනයක් පමණක්ම වනු ඇත. එසේම ආණ්ඩුව සමග ඩීල් දමමින් සිටින ටිරාන්ගේ සහ මහරාජාගේ න්‍යාය පත්‍රය වෙනුවට තමන්ගේම වූ න්‍යාය පත්රයකට සරත් ෆොන්සේකා ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩ කඩක් ඇත. එමගින් සමහන් කල නොහැකි මට්ටමේ අභ්‍යන්තර ප්රතිවිරෝධතා ඔවුන් අතර ඇති වනු නියතය.
එහෙත් ජනාධිපතිවරණයේදී ෆොන්සේකාට ජන්දය දුන් රාජපක්ෂ පවුල් පාලනයට එරෙහි ලක්ෂ 48 ක ජනතාවගේ අපේක්ෂාව වන්නේ ජන පීඩක මෙම පාලනය පෙරලා දැමීමට ඒකාබද්ධ විපක්ෂකට සරත් ෆොන්සේකා නැමති චරිතය ශක්තියක් වනු ඇති බවයි. එහිදී අප පෙර කී ලෙසම මාස කිහිපයකට පෙර තමා විසින්ම බෝම්බ දැමූ ප්‍රදේශ වල ජනයාගේ ප්‍රදේශ වලින් තමා ජයග්‍රහණය කරවීම ගැන ෆොන්සේකාට අමතක කළ නොහැකි වනු ඇත. ඔවුන්ගේ වත්මන් දේශපාලන චලනය සුළු කොට තැකිය නොහැකි වනු ඇත. කෙසේ වෙතත් තමා කෙරේ අසීමිත ලෙස විශ්වාසය තැබූ ජනතාවට ඔහු විසින් සාධාරණයක් ඉෂ්ඨ කරනු ඇතැයි විශ්වාස කරමු.
-විසල් කරුණාරත්න විසිනි-