Friday, May 18, 2012
කැනඩාවෙන් ජයසුරියට සල්ලි දීල නෑ
සනත් ජයසූරිය ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ප්‍රදර්ශණ තරඟයක් සඳහා කැනඩාවට පිටත්ව ගොස් තිබෙනවා.
කැනඩාවේ ටොරන්ටෝ රොජර්ස් ක්‍රීඩාංගනයේ යි මෙම තරඟ මාලාව පවත්වා ඇත්තේ.
පසුගිය සෙනසුරාදා පැවති මෙම තරඟයට ශ්‍රී ලංකාව, නවසිලන්තය, ඔස්ට්‍රේලියාව හා සිම්බාබ්වේ ඇතුළු රටවල් 6 ක ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් හා කැනඩා කණ්ඩායම අතරයි තරඟ පවත්වා ඇත්තේ.
තරඟයට සහභාගී වීමට පෙර මේ සඳහා ඇමරිකානු ඩොලර් 15,000 ක මුදලක් සහ ගුවන් ටිකට්පත් සඳහා ගෙවීමක් ද කරන බවට පොරොන්දු වී සිටියද එය ගෙවීම පැහැර හැර ඇතැයි ජයසූරිය මහතා කැනඩා බි.බි.සී. සේවයට පවසා තිබෙනවා.
තම ක්‍රිකට් ඉතිහාසයටම මෙවැනි සිදුවීමකට මුහුණ පා නැති බවත් මෙවැනි සිදුවීම් කැනඩාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව සමස්ථ ක්‍රිකට් ක්රීඩාවටම අයහපත් ලෙස බලපෑම් ඇති කල හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.
මෙම ප්‍රදර්ශණ ක්‍රිකට් තරඟය සඳහා එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතියද තිබෙනවා.
මේ පිළිබඳව සංවිධායකයින් පවසන්නේ අවසන් මොහොතේ සහභාගි වීමට නියමිතව සිටි පකිස්තානු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහභාගි නොවුන නිසා බොහෝ ප්‍රෙක්ශකයින් පිරිසක් තම ටිකට්පත් වල මුදල් ආපසු ලබාගත් නිසා මෙම තත්වය ඇති වූ බවයි.
Source: http://www.gossip9.com/2012/05/blog-post_18.html#ixzz1vEwp7Gi2
කැනඩාවෙන් ජයසුරියට සල්ලි දීල නෑ
2012-05-18T22:08:00+05:30
Admiral