Chitika Smowtion 468x60


Friday, May 18, 2012

නිධන් හෑරීම රට පුරා ජයටම


රට පුරා දිගින් දිගටම නිධන් මංකොල්ලයන් මේ දිනවල සිදුවෙනවා. 2011 වර්ෂය තුළ නිධන් හෑරීමේ සිද්ධීන් 220 ක්‌ වාර්තාවී තිබෙන අතර 2012 වසරේ පසුගිය මාස 5 තුළ රටපුරා නිධන් හෑරීමේ සිද්ධීන් 108 ක්‌ වාර්තා වී තිබෙනවා. 

ඇතැම් නිධාන් හෑරීම් සඳහා ආණ්ඩුව විසින් හමුදාව යොදාගන්නාන බවයි ජනතාව අතර මතයක් ඇතිවී තිබෙන්නේ. පසුගියදා මහවිලච්චිය ප්‍රදේශයේදී කට්ටඬියෙකු සමඟ ජනතාවට කොටුවූ විශේෂ කාර්ය බලකා සෙබළුන් නිසා එය තහවුරු වූ බවයි බොහෝ දෙනා පවසන්නේ.

නමුත් පසුව පොලිස්පතිවරයා පැවසුවේ සුරංගනා කතාවකි. ඔහු පැවසුවේ වැවක් හාරමින් සිටි බැකෝ ඩ්‍රයිවර් කෙනෙකුට අයත් මිල කළ නොහැකි වස්තුවක් වලළා තිබියදී එය හොරු ගැනීමට පෙර ගොඩ ගැනීමට හමුදාව ගිය බවයි. පොලිස්පතිවරයාගේ කතාවෙන් පසුව ජනතාවට ඇතිවන ගැටළු ගනනාවක් විවිධ මාධ්‍යන් විසින් ප්‍රශ්න කර තිබුනා.

නිධන් හෑරීම සඳහා කුඩා ළමයින් බිලිදීමේ වැඩ පිළිවෙලක් රටපුරා ක්‍රියාත්මක වන බවයි බවත්, පැරණි රජමහා විහාර වල වෙසෙන භික්ෂූන් වහන්සේලාගේ ජීවිතවල අවදානමක්ද තිබෙන බවත් මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රීන් පිරිසක් පසුගියදා පැවසුවා.

නිධාන් හෑරීම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියෝ ඊයේ පැවසුවේ මෙවැන්නක්

"කෞතුකාගාරයේ තිබූ භාණ්ඩ පවා අද සොරකම් කරන තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේවා එක්වරම වූ දේවල් නොවේ. කෞතුකාගාරයේ ඇතුළත සහාය ඇතිව සැලසුම් සහගතව මේවා කරන්න ඇති. මේවාට බොහෝ ලොකු අය සම්බන්ධ ඇති.

අද මේවා කරන්නේ බලය තියෙන මිනිස්සු. ‍පොඩි මිනිහට බැකෝ යන්ත්‍ර අරගෙන කැලයට යන්න පුළුවන් කමක් නෑ. එහෙත් අන්තිමට අහුවෙන්නේ ඒ කටයුත්ත කරන පුංචි මිනිසායි. බලය තියන අය පැත්තක ඉඳගෙන ඒවා මෙහෙයවනවා ඇති. ඒවා අහුවුණාම ‍පොඩි මිනිහා සිරිබත් කනවා. අපට සිද්ධස්ථාන නැති වෙනවා. බලය තියන පුද්ගලයා සුරැකිව සිටිනවා."


හෙළ උරුමයේ පාර්ලිමේන්තු මංත්‍රී එල්ලාවල මේධානන්ධ හිමියන් පවසන්නේ හොරුන් ගැනීමට පෙර ආණ්ඩුව විසින් නිධන් හෑරිය යුතු බවයි.

එම වීඩියෝව පහලින්




පසුගිය සතියේ පමණක් සිදුවූ නිධන් හෑරීම් ගනනාවක් පිළිබඳව වීඩියෝව පහලින්



දැනට හාරා ඇති නිධන් තිබූ ස්ථාන කීපයක ජායාරූප හා නිධාන් ඇතැයි ජනතාව විශ්වාස කරන ස්ථාන කීපයක ජායාරූප පහතින්.







































ජායාරූප අයිතිය: ENEMY








Source: http://www.gossip9.com/2012/05/blog-post_7393.html#ixzz1vF9fkHo4

Share this article with your friends