Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

ජනරාල් නිදහස් නොකළහොත් 5වනදා සිට ජනඅරගලයක් !


පෙබරවාරි 04 නිදහස් දින හෝ ඊට පෙර ජනරල් සරත් ෆොන්සේකා මහතා කොන්දේසි විරහිතව නිදහස් නොකළහොත්, පෙබරවාරි 5වනදා සිට අරගලකාරී ක‍්‍රියාමාර්ගයන්ට අවතීර්ණවීමට ‘ජනරල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය’ තීරණය කර ඇතැයි වාර්තාවේ.

පෙබරවාරි 04වන දා ජනරල් නිදහස් කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාට ලබාදී ඇති පොරොන්දුව මත ජනරල් නිදහස් කර ගැනීමේ මහජන උද්ඝෝෂණ මේ දිනවල තාවකාලිකව නවතා දමා තිබේ.

කෙසේ වුවද පෙබරවාරි 04වනදා ජනරල් ෆොන්සේකා නිදහස් නොකළහොත්, පෙබරවාරි 05වනදා සිට මහජන උද්ඝෝෂණ රට පුරා සංවිධානය කිරිමට තීරණය කර ඇති අතර එහි පළමු පියවර වශයෙන් පෙබරවාරි 05වනදා මහනුවර සිට කොළඹ දක්වා පැමිණෙන පා ගමනක් සංවිධානය කිරීමට තීරණය වී තිබේ. එම පා ගමන පෙබරවාරි 08වනදා කොළඹට පැමිණීමට නියමිතය.
එම පාගමන කොළඹට පැමිණෙන 08වන දා එක්සත් ජාතික පක්ෂය විසින් මෙහෙයවන ‘අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය’ද එළිදැක්වීමට කටයුතු යොදා ඇති අතර එදින විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක්ද පැවැත්වීමට නියමිතය.
පසුගිය ජනාධිපතිවරණයේදී ජනරල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ ගනු ලැබූ තීරණයට එකඟ නොවූවද, ජනරාල්වරයාගේ නිදහස හා අයිතීන් වෙනුවෙන් සිදුකරන උද්ඝෝෂණවලට සහය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ කණ්ඩායම්ද එකඟත්වය ඵල කර ඇතැයි වාර්තාවේ.


Source: lankanewsweb.com

Share this article with your friends