Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා රජ්‍ය මාධ්‍ය විසින් ගෙනයන අසත්‍ය ප්‍රචාර හෙළා දකිමු


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා රජයට අයත් ජනමාධ්‍ය විසින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව ගෙන යමින් සිටින අභූත සහ පදනම් විරහිත චෝදනා පිළිබඳව අප සංවිධානයේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව අපගේ පිළිකුල හා බලවත් විරෝධය පළ කරන්නෙමු.
G.S.P.+ බදු සහනය ශී්‍ර ලංකාවට ලබා නොදෙන ලෙස ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා එහි සාමාජිකයන් විසින් පෙත්සම් 600 - 700 අතර ප්‍රමාණයක් විදේශීය රටවලට හා ජාත්‍යන්තර සංවිධාන වෙත යොමු කර ඇතැයි යන්න එම අමූලික බොරුවය. එවැනි අදහසක් ප්‍රකාශ කරමින් රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පුවතක් පළකර තිබු අතර එම අදහසම හුවා දක්වමින් දිනමිණ පුවත්පතද, ස්වාධීන රූපවාහිනීයේ විපරම වැඩසටහන ද අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් ඇත. ඒ අනුව පෙනී යන්නේ රජය හිතාමතාම මනා සැලසුමකින් යුතුව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව වෛරී හැඟීමක් ජනතාව අතර ගොඩනැඟීමට දුෂAඨ ප්‍රයන්තයක නිරත වෙමින් සිටින බවකි.


නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කිසිඳු දිනයක ශී්‍ර ලංකාවට ලැඛෙන G.S.P.+ හෝ වෙනත් සහනයක් ලබා නොදෙන ලෙසට හෝ නතර කරන ලෙසට කිසිඳු රටකින් හෝ කිසිඳු ජාත්‍යන්තර සංවිධානයකින් ඉල්ලා නැත. එහෙත් G.S.P.+ සහනය අහිමි වීමක් තුළ ශී්‍ර ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ඇතුළු කර්මාන්ත රැසකට සිදුවිය හැකි අයහපත් බලපෑම හේතුවෙන් ඇතිවිය හැකි අවදානම පිළිබඳව ප්‍රසිද්ධියේම රජයට අනතුරු හඟවා ඇති බව නම් සත්‍යයකි. එමඟින් අප අවධාරණය කර සිටියේ රජය බැඳී සිටින ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට හා දේශීය වශයෙන් ලබාදී ඇති පොරොන්දු අනුව යමින් මාධ්‍ය නිදහස හා ශී්‍ර ලංකාවේ මානව හිමිකම් ආරක‍ෂා කිරීමට කටයුතු කිරීම තුළ අදාළ අවදානමෙන් මිදෙන ලෙසය.
මේ තත්ත්වය සපුරා විකෘති කරමින් රජය ගෙන යන අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රචාර වහාම නතර කරන ලෙස මෙයින් ඉල්ලා සිටින අතර රජය ප්‍රකාශ කරන ආකාරයේ කි්‍රයාවක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සිදුකර ඇත්නම් සාධක සහිතව ඔප්පු කරන ලෙස ආදාල අංශ වලට අභියෝගයක් ඉදිරිපත් කිරීමට ද කැමැත්තෙමු.


Source: lankanewsweb.com

Share this article with your friends