Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

ඔන්ලයින් බැංකු ගණුදෙනු ප්‍රවේශමෙන්!


හැටන් නැෂනල් බැංකුවෙන් එවන ලෙසට සැකසූ ව්‍යාජ ඊමේලයක් මගින් ගනුදෙනුකරුවන්ගේ අන්තර්ජාල ගිණුම්වල දත්ත ලබාගැනීමේ උත්සහයක් පසුගිය සතියේ වාර්තා වුනා.

එමගින් එම ගනුදෙනුකරුවන්ගේ  අන්තර්ජාල ගිණුම්වල රහස්‍යපද,ක්‍රෙඩිට් කාර්ඩ් වල විස්තර ආදිය ලබාගැනීමට උත්සහ කරනවා. ඉන්පසු එම දත්ත ඇතුලත් කර අන්තර්ජාල ගිණුම්වලින් මුදල් සොරකම් කිරීම මෙම "ෆිෂින්ග්" වංචාකරුවන්ගේ අරමුනයි.

එසේම නවතම වාර්තාවලට අනුව කමර්ෂල් බැංකුවෙන් එවන ලෙසට වූ ව්‍යාජ ඊමේලයක්ද සංසරණය වීමට පටන්ගෙන තිබෙනවා.එම ඊමේලයේ දැක්වෙන්නේ "ගනුදෙනුකරුගේ ගිණුමේ දත්ත විනාශ වී බැවින් පහත ලින්ක් එකට ගොස් නැවත ගිණුම ක්‍රියාත්මක කරන ලෙසට" වූ ඉල්ලීමක්.

හැටන් නැෂනල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට පැමිණි ව්‍යාජ ඊමේල් පණිවිඩය.

 කමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට පැමිණි ව්‍යාජ ඊමේල් පණිවිඩය.

අප වෙත වාර්තා වන අන්දමට මේ ජාවාරම ගැන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙතද පැමිණිලි ලැබෙමින් පවතිනවා. කෙසේ වෙතත් අන්තර්ජාල බැංකු ගනුදෙනුකරුවන්ගේ ඊමේල් ලිපින මෙවැනි වංචාකරුවන් අතට පත්වුයේ කෙසේද යන්න ගැටලුවක්.

ඔබටත් අන්තර්ජාල බැංකු කටයුතුවල නියතවේ නම් මේ පිලිබදව සැලකිලිමත් වන්න. ඔබගේ 
අන්තර්ජාල ගිණුම්වල මුරපද ආදිය වෙනස්කරන ලෙසට වූ ඊමේලයක් පැමිණියහොත් ඔබගේ බැංකුව අමතා ඒ පිළිබඳව සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගන්න. 







Source: http://www.gossip9.com/2012/01/blog-post_6010.html#ixzz1jvIIq0SX

Share this article with your friends