Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

මර්වින්ගේ කප්පම් කල්ලිය සිංගප්පූරුවේදී රැස්වේ


මේවනවිට ආරක්Aෂක අමාත්‍යාංශයේ ''සුදු වෑන් ඒකකයේ'' උපදෙස් පිට ශ්‍රී ලංකාවෙන් පලාගොස් සිටින මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ කප්පම් කල්ලියේ සාමාජිකයින් පෙරේදා (16දා) සිංගප්පූරුවේදී රැස්වී ඇති බව වාර්තාවේ.
මොවුන් මෙසේ රැස්වී ඇත්තේ සිංගප්පූරුවේ හින්දු රෝඩ්, අංක 14 හි පිහිටි ''චෙන්නායි රෙස්ටුරන්ට්'' නැමැති ස්ථානයේ වන අතර මෙම රැස්වීම සඳහා දැනට ලංකාවෙන් පලාගොස් සිටින පානදුරේ ඩොනල්ඩ් හෙවත් මාලිගාවත්තේ රංජා, රංජන් සිල්වා නොහොත් ''කොට රංජා'', ස්විස් සජී නොහොත් ''ක්‍රෙඩිට්කාඩ් සජිත්'' සහ අමල් රුද්‍රිගූ නොහොත් ''ලංගම රාජු'' සහභාගිවී ඇති අතර මුලසුන දරා ඇත්තේ තවමත් මර්වින් සිල්වා සමඟ ගනුදෙනු කරන ''සිංගප්පූරු සරත්'' නොහොත් සරත් එදිරිසිංහ විසිනි.


මොවුන් සියලූ දෙනා මෙසේ එක්රැස්වී සාකච්ඡාකොට ඇත්තේ නැවතත් ලංකාව බලා යන ආකාරයත් මර්වින් සිල්වා ඇමතිතුමා සමඟ නැවත සම්බන්ධ වී වැඩකටයුතු කරන ආකාරයත්ය. මෙහිදී රැස්වූ සියලූම අය මර්වින් සිල්වා ඇමතිතුමාගේ පාවාදීම් පිළිබඳ දැඩි කෝපයෙන් කතාකොට ඇති අතර ඊට පිළිතුරු දීමට සිංගප්පූරු සරත් සූදානම් වූ විට, ඔහුටද තමන් සියලූ දෙනාටම අත් වූ මේ ඉරණම ළඟදීම අත්වන බව අවධාරණයෙන් පවසා තිබේ. මර්වින් සිල්වා ඇමතිවරයාගේ නියමය පරිදි සිංගප්පූරුවට ගොස් ඇති සරත් එදිරිසිංහ මේ හේතුවෙන් සාමසාකච්ඡා අසාර්ථක වී නැවතත් කොළඹ පැමිණ තිබේ.
රැස්වීමෙන් පසුව පානදුරේ ඩොනල්ඩ්, කළු රංජන් සහ ක්‍රෙඩිට් කාඩ් සජී මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති අතර අමල් රුද්‍රිගූ නොහොත් ''ලංගම රාජු'' සිය පවුලේ උදවිය සමඟ සිංගප්පූරුවේම නතරවී තිබේ. මේ වනවිට මොවුන් සියලූ දෙනා තමන් තවමත් ලංකාවේ සිටින බව පෙන්වීමට, ලංකාවේ විවිධ අය හා කතා බහ කිරීම සඳහා යොදා ගනු ලබන ජංගම දුරකතනවල ඇමතුම් අංකය ලෙස සටහන් වන්නේ ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන අංකයන්ය. එමෙන්ම මොවුන් සියලූ දෙනා ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නීත්‍යානුකූලව නිකුත් කරන ලද ගිනි අවි බලපත්‍ර ලාභීන්ය. මොවුන් මෙසේ විදේශ ගතව සිටින්නේ ආරක්ෂක අමාත්‍යාංශයේම උපදෙස් පරිදිය.


Source: lankanewsweb.com

Share this article with your friends