Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

අධිවේගියේ රහ ලංගමට දැනේ



විනාඩි හතලිහකට වරක් බස් රථයක් දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයට ගමනා ගමන මණ්ඩලය විසින් අද පටන් තවත් සුඛෝපභෝගී බස්රථ දෙකක් එක්කිරීමට අදහස් කර තිබෙන අතර මේ නිසා සෑම විනාඩි 40 කට වරක්ම අධිවේගී මාර්ගයේ බස්රථයක් ක්‍රියාත්මක වන බව මණ්ඩලය කියයි.





ශී‍්‍ර ලංගම සභාපති එම්.ඩී. බන්දුසේන පැවසුවේ මෙම බස්රථ ගාල්ල හා මහරගම අතර ක්‍රියාත්මක වුවත් පිවිසුම් ස්ථානවල නතර නොකරන බවයි.

පිවිසුම් ස්ථානවල බස්රථ නතර කිරීම සඳහා මගීන්ගෙන් ඉල්ලීම් ගලා එමින් තිබෙන බවද අනාවරණය වන අතර මෙම මාර්ගයේ ධාවනය කෙරෙන ලංගම බස්රථ සඳහා හොඳ ආදායමක් තිබෙන බව ගමනාගමන මණ්ඩලය කියයි.


Share this article with your friends