Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

කටුනායක අධිවේගී මාර්ගය නිසා ජනතාව පීඩාවට


2009 වසරේ අගෝස්තු මාසයේ දී ඉදිකිරීම් ආරම්භ කළ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය 2013 දී ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

මේ වනවිට ඉදිවෙමින් පවතින කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ හුනුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ නිරන්තරයෙන් බර වාහන සිය ගණනක් ධාවනය වන අතර මාර්ගයේ දැනට දමා ඇති පස් තට්ටුව මතින් මෙම වාහන ධාවනය වන විට අධික දුවිල්ලක් ඇතිවේ.

මේ නිසා දිනය පුරා හුනුපිටිය දුම්රිය ස්ථානය අවට ප‍්‍රදේශයම දුවිල්ලෙන් වැසී පවතී. මේ හේතුවෙන් දොර ජනේලයක් ඇර ගැනීමට තබා හුස්ම ගැනීමටවත් නොහැකිව ප‍්‍රදේශවාසින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටී. 

එමෙන්ම ප‍්‍රදේශයේ ලිං සහ ජල ටැංකි සියල්ලක්ම පාහේ දුෂණය වී ඇති අතර අදාල සමාගමට සහ මාර්ග සංවර්ධන අධිකාරියට මාස ගණනාවක් තිස්සේ පැමිණිලි කලත් පලක්වී නොමැත. 

ඉදිවෙමින් පවතින පස් තට්ටුව සහිත ප්‍රදේශය නිතර ජලයෙන් 
තෙත් කරන්නේනම් මෙය මගහරවා ගත හැකි බව ප්‍රදේශවාසින් විසින් පෙන්වා දෙනු ලබයි.

නමුත් ඒ පිලිබඳ සිදුකරන කිසිදු පැමිණිල්ලකට අදාළ බලධාරීන් ප්‍රතිචාර දක්වා නොමැත.

අධිවේගී මාර්ග තැනීම රටේ දියුණුවට දායකවන බව සැබෑවකි.නමුත් එම දියුණුව ලඟා කරගැනීමේදී මහජනයාට සිදුවන සෘණ බාහිරතා අවම කරගනීමට අදාළ බලධාරීන් වගබලාගතයුතු නොවේද? 































Source: http://www.gossip9.com/2012/01/blog-post_8632.html#ixzz1jvGKxfM5

Share this article with your friends