Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

උසස් පෙළ අවුලට එරෙහි උද්ඝෝෂණයට ආණ්ඩුවෙන් බාධා



2011 වසර උසස් පෙළ විභාග ප්‍රතිඵල සිදුවූ අක්‍රමිකතාවන්ට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, පාසල් සිසුන් සහ දෙමාපියන් එක්ව අද දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුව විසින් ආරක්ෂක අංශ යොදා ඊට බාධා පමුණුවමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කරයි.


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ පාසැල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කර ඇති මෙම විරෝධතාව සඳහා රුහුණු විශ්වවිද්‍යාලයෙන් සහභාගීවන සිසුන් පැමිණෙන බස් රථය මේවන විට අවස්ථා 5කදී ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කළ බව එම බලමණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසීය. මෙවැනි සිදුවීම් කිහිපයක්ම ප්‍රදේශ කිහිපයකින් වාර්තාවී ඇති බව ඔහු පැවසීය.
කුමන බාධා කිරීම් පැමිණියද අදාළ විරෝධතාව නියමිත පරිදි පැවැත්වීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. 


Source: lankaviews.com

Share this article with your friends