Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

නිවැරදි ප්‍රතිඵල ඉල්ලා සිසු - දෙමාපිය උද්ඝෝෂණයක්


මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විකෘතිකිරීම් වලට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, පාසල් සිසුන් සහ දෙමාපියන් එක්ව අද කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවයක නිරත විය.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයත් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයත් ඒකාබද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.එම අවස්ථාව සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා සහ පාසැල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කසුන් මාලින්ද මහතාද සහභාගී වූහ.
එහිදී අදහස් දැක්වූ සංජීව බණ්ඩාර මහතා,
"මෙවර උසස් පෙළ  විභාග ප‍්‍රතිඵලය විකෘති බව අපි කාටත් නොරහසක්. නමුත් හිතුවක්කාරී ආණ්ඩුව එය පිළිගන්නේ නැහැ. ආණ්ඩුවේ මෙවැනි හිතුවක්කාරී ක්‍රියාකලාපය නිසා වෙළඳ කලාපයේ රොෂේන් චානක සහෝදරයාගේ ජීවිතය බිලිගත්තා. දැන් මෙම ප‍්‍රතිඵල ගැටළුව නිසා නුවරඑළියේ සිසුවියක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. කරන්දෙනිය හා ගම්පහ දෙදෙනෙක් ජීවිත නැතිකර ගැනීමට උත්සාහ දැරුවා. මෙම ගැටළුව මෙතනින් නිමවන්නේ නෑ. ඒ නිසා අපි සියළුදෙනාටම මෙම ප‍්‍රතිඵල නිවැරදි කරගැනීම වෙනුවෙන් මැදිහත්වීම අනිවාර්යක් වෙලා තියෙනවා. අද එක විභාගයයි හෙට තව විභාග දෙකකට මේ දේ සිද්දවෙන්න පුළුවන්. අපි ආණ්ඩුවට බලකරල කියනවා තමන්ගේ උද්දච්ඡකම පැත්තකින් තියලා අසාධාරණයක් වෙලා ඉන්න සිසුන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න කියලා."




Source: lankaviews.com

Share this article with your friends