Chitika Smowtion 468x60


Thursday, January 19, 2012

වැඩබැරි ගනේගලට විශිෂ්ඨ ලේකම් ධූරයක්


වයස අවුරැදු 60 ඉක්ම වුවද දක්ෂ හා කාර්යක්ෂම අමාත්‍යාංශ ලේකම්වරැන් විශ‍්‍රාම නොයවා තවදුරටත් සේවයේ යොදවා ගැනීමට ජනපතිවරයා තීන්දු කර ඇති බවත්, ජනාධිපතිවරයා වෙත ව්‍යාජ ප‍්‍රගති වාර්තාවක් ඉදිරිපත් කොට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී ගනේගල මහතා ද තවත් සේවා දිගුවක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ඒ අනුව මේ වන විට වයස 64 ද ඉක්මවා ඇති ගනේගල මහතා පසුගිය වකවානුවේ අසාර්ථකම අමාත්‍යංශ ලේකම්වරැන් අතර සිටින පුද්ගලයෙක= බවද ඔහු තවදුරටත් සදහන් කළේය.


ජනපතිවරුන්, ජනපතිවරුන්ගේ සමීපතයින්, මාධ්‍යවේදීන් රවටිටමින් තම අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමේ දක්ෂතාවයක් ඇති ගනේගල මහතා, තෙවැනි සේවා දිගුව ලබාගැනීමට අර අදමින් සිටී.
ජනපති වයස 60 ඉක්ම වූ ලේකම්වරුන්ට තව සේවා දිගු ලබා දෙන්නේ ඔවුන්ට පවරන විෂයයන් නිසි ආකාරයට රටට වැඩදායි ලෙස මෙහෙයවීම නිසා තවදුරටත් ඔවුන්ගේ සේවාව රටට ලබාගැනීමේ අරමුණෙනි. නමුත් ගනේගල තමන්ට පැවරූ ජනමාධ්‍ය විෂයෙහි ඉතා අසාර්ථක පුද්ගලයෙකි.
තම විෂයට සම්බන්ධ කිසිදු ඵලදායි සේවාවක නිරත නොවන මොහු ජනපතිගේ හිත දිනාගැනීමට සමත්ව ඇත්තේ ඔහු පිළිබදව කලාකාරිනියන් ලවා ජනාධිපතිවරයා වෙත හොද කියවා ගැනීමෙනි.
තවද ජනපතිගේ සමීපතයෝ සමග සබදතා ගොඩනගා ගෙන ඔවුන් ලවා තමාගේ ගුණ ජනපතිට කියැවීමද මොහු ජනාධිපතිවරයා අල්ලා ගැනීමට යොදන උපක‍්‍රමයකි. ඒ ස‍දහා ඔහු මාධ්‍යවේදීන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නිරතවන්නන්, පුවත් පත් කතුවරුන් යොදා ගනී.
නො වැඩිපුර වාර ගණනක් ජනපති නොමග යවා ඔහු රැවටූ එකම ලේකම් ද මොහුය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරන පරිදි, ජනමාධ්‍ය ලේකම් හැටියට වසර 08 කටත් වැඩි සේවා කාලයක් ඉක්මවා ඇති මොහු අවම වශයෙන් ජනමාධ්‍ය ආචාර්ය ධර්ම පද්ධතියක්වත් හදා නැත.
2011 වසර සදහා මාධ්‍යකරුවන්ට උපකරණ ලබාගැනීම වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයවැයෙන් වෙන්කල රු. මිලියන 50 නැවතත් 2011 වසර අවසානයේ දී භාණ්ඩාගාරයට යැව්වේ මාධ්‍යකරුවන්ට පැන්සලක් තරම්වත් දෙයක් ලබානොදීය.


Source: lankanewsweb.com

Share this article with your friends