Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

පළාත් සභා තුනක ඡන්ද සැප්තැම්බර් 08 !


නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා ඡන්ද සැප්තැම්බර් 08 වන සෙනසුරාදා පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි අරලියගහ මන්දිර අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් සඳහන් වේ. ජනාධිපති ජෝතිෂ්‍ය උපදේශකයින්ගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.
ජනාධිපතිවරයා අංක 08 තමාගේ වාසනාවන්ත අංකය ලෙස සලකන අතර, ඔහු බොහෝ අවස්ථාවලදී ඡන්ද සහ වෙනත් තීරණාත්මක දින යොදා ගන්නේද 08 වනදා හෝ අංක දෙකක් එක් කළ විට අංක 08 එන පරිදිය.
මේ අනුව, අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් වූ වහාම පළාත් සභා ඡන්දයට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා ඇමතිවරුන් කිහිපදෙනෙකුට දැනුම් දී තිබේ. ඒ අනුව, සබරගමුව පළාත නියෝජනය වන රත්නපුර සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්ක දෙකෙහි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු මෙම මස 16 - 17 දෙදින සිදු කිරීමට නියමිතය.
අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ශී‍්‍ර ල.නි.ප. ප‍්‍රතිසංවිධාන කටයුතු එම පක්‍ෂයේ මහ ලේකම් මෛතී‍්‍රපාල සිරිසේන අමාත්‍යවරයාගේ අධීක්‍ෂණය යටතේ සිදු කරනු ලැබූවද, සබරගමු පළාතේ ප‍්‍රතිසංවිධාන කටයුතු ජනාධිපතිවරයා විසින් පවරා ඇත්තේ ඔහුගේ සොයුරු බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා වෙතය.


Source - lankanewsweb.com

Share this article with your friends