ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු !
කොන්දේසි සහිතව සිරෙන් එළියට පැමිණි සරත් ෆොන්සේකා මහතා ද ඇතුළුව ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීන් තිදෙනා පැකේජයක් ලෙස ආණ්ඩුවට ගැනීමේ සාකච්ඡා පැවැත්වෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ෆොන්සේකා මහතා නිදහස් කිරීමේදී මෙන්ම මෙම සාකච්ඡා ද පැවැත්වෙන්නේ 'පාර්ලිමේන්තු ගොලූවා' ලෙස විරුදාවලි ලත් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී ටිරාන් අලස් මන්ත්‍රීවරයා හරහා බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
(ටිරාන් අලස් රහසිගතව ආණ්ඩුව සමග සාකච්ඡා පවත්වන බව පසුගිය වසරේදී පළමුවරට හෙලි කෙළේද
අප වෙබ් අඩවියයි.)කොන්දේසි සහිතව සිරෙන් එළියට පැමිණි සරත් ෆොන්සේකා මහතා ද ඇතුළුව ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීන් තිදෙනා පැකේජයක් ලෙස ආණ්ඩුවට ගැනීමේ සාකච්ඡා පැවැත්වෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ෆොන්සේකා මහතා නිදහස් කිරීමේදී මෙන්ම මෙම සාකච්ඡා ද පැවැත්වෙන්නේ 'පාර්ලිමේන්තු ගොලූවා' ලෙස විරුදාවලි ලත් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී ටිරාන් අලස් මන්ත්‍රීවරයා හරහා බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
(ටිරාන් අලස් රහසිගතව ආණ්ඩුව සමග සාකච්ඡා පවත්වන බව පසුගිය වසරේදී පළමුවරට හෙලි කෙළේද
මෙම සාකච්ඡා පවත්වන අතරතුරේදී මන්ත්‍රී ටිරාන් අලස් හදිසියේ පසුගිය ඉරිදා (03) ඔහුගේ උපන්දිනය දා අසනීපව රෝහල් ගත කිරීම නිසාත් ජනාධිපතිවරයා විදෙස්ගතවීම නිසාත් සාකච්ඡා මඳකට නතර වී ඇතැයි පැවසේ.
කොන්දේසි සහිත නිදහස ලත් ෆොන්සේකා මහතා පවසන පරිදි ඔහුට ඡන්දය ඉල්ලීමේ අයිතිය නැති බව දන්නේ නිදහස ලැබූවායින් පසුවය. මාධ්‍ය මගින් ඒ පිළිබඳ හෙළි කිරීමෙන් පසුව ෆොන්සේකා මහතාගේ ගැලවුම් කරු වී සිටින ටිරාන් අලස් සහ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ කීවේ ෆොන්සේකා මහතාට නැති වී ඇති අයිතිවාසිකම් යලි ලබා ගැනීම සඳහා ටිරාන් අලස් විසින් ජනාධිපතිවරයා සමග යළිත් සාකච්ඡා කරනු ඇති බවයි.
දැන් කෙරීගෙන යන සාකච්ඡා කෙරෙන්නේ ඉහත මුහුණුවරින් යැයි පැවසූවද සත්‍ය වශයෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ ෆොන්සේකා මහතා ද ටිරාන් අලස් මන්ත්‍රීවරයාද, අර්ජුන රණතුංග මන්ත්‍රී වරයා සහ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාද සහිතව පක්ෂයක් ලෙස 'පැකේජයක් සේ' මරාණ්ඩුවට ගැනීමේ සාකච්ඡා ලෙස බව දැනගන්නට ඇත. එය මෙම පුද්ගලයන් පිරිස ශ්‍රීලනිපයට ගැනීමක් නොවන අතර වෙනම පක්ෂයක් ලෙස සන්ධාන ආණ්ඩුව හා එක්වීමකි.
දැනගන්නට ඇති පරිදි ෆොන්සේකා මහතා වෙනුවෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නමින් වෙනම අමාත්‍යාංශයක් ඇති කොට ඊට දැනට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති වගකීම් ප්‍රමාණයක් ද බාර දීම ගැනත්, ටිරාන් අලස් ට ගුවන් සේවා ඇමැතිකමත්, අර්ජුන රණතුංගට ක්‍රීඩා ඇමැති කමත්, ජයන්ත කැටගොඩ වෙනුවෙන් නියෝජ්‍ය ඇමැතිධූරයක් යන ආකාරයේ තනතුරු ඛෙදීමක් සහිත සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
මෙම ක්‍රියාවලියේදී ෆොන්සේකා මහතා ට දැනට අහිමි වී ඇති කඩු කස්තාන, නම්බු නාම ඡන්ද ඉල්ලීමේ අයිතිය ආදිය ලැබන ආකාරය ගැනද සාකච්ඡා වෙමින් පවතී.
ෆොන්සේකාගේ නිදහසත් සමග තමා ජනාධිපතිට පමණක් වගකියන ආකාරයේ ක්‍රීඩා ඇමැතිකමක් බාරගැනීමට සූදානම් බවත් ඊට ෆොන්සේකා මහතාගේ කැමැත්තද ලැබී ඇති බවත් මීට පෙර අර්ජුන රණතුංග මහතා නෙත් ගුවන් විදුලියට පවසා තිබීමද විශේෂය.
මේ අතර ෆොන්සේකා මහතා පසුගිය දින කිහිපයක් තිස්සේ මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ කිහිපයකදීම "මොන නායකයා හිටියත්. කවර පක්ෂයක් රට පාලනය කළත් තමාට ප්‍රශ්නයක් නැතැයි" යන්න අවධාරණය කර තිබිණ.
අප වෙබ් අඩවිය වෙත වාර්තාවන අන්දමට සම්බන්ධීකාරකයෙකු ලෙස ප්‍රසිද්ධ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නිවසේදී ෆොන්සේකා මහතා ටිරාන් අලස් මන්ත්‍රීවරයා සහ අනෝමා ෆොන්සේකා මහත්මිය හමුවක් පසුගියදා සිදුව ඇත. එහිදී තමාගේ නැතිවී ඇති අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙන එන්නට යන යෝජනාව සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා කැමැත්තක් දක්වා නැත. ඔහු ඊට හේතු ලෙස පවසා ඇත්තේ යම් හෙයකින් එම යෝජනාවට ආණ්ඩු පක්ෂය විරුද්ධ වුවහොත් තමාගේ 'ඉදිරි කටයුතු' වලට එය බලපානු ඇති බවයි. මෙම 'ඉදිරි කටයුතු' යනු දැනට ටිරාන් අලස් මහතා සහ ආණ්ඩුව අතර කෙරෙමින් පවතින සාකච්ඡා බව හෙළිවේ.
දැනට පවතින ඒකාබද්ධ විපක්ෂය සමග එක්නොවන්නේ ඇයිදැයි එහිදී ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කළවිට ෆොන්සේකා මහතාගේ පිළිතුර වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයා රනිල් නොවී නායක මණ්ඩලයක් ලෙස කටයුතු කළ යුතු බවයි. දැනට ඒකාබද්ධ විපක්ෂයේ එවැනි තනි නායකයෙක් නැතැයි ද රනිල් ඒකාබද්ධ විපක්ෂයේ තනි නායකයා නොවේ යැයිද පැවසූ විට ෆොන්සේකා මහතා ඊට ප්‍රතිචාර දක්වා නැත.
ෆොන්සේකා මහතා සිරෙන් එළියට පැමිණි සැනින් ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කිරීමත් සිය බිරිඳ සහ ටිරාන් අලස් මහතා ලවා වක්‍රව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීමත් ෆොන්සේකා මහතා ඒකාබද්ධ විපක්ෂයක් වෙනුවෙන් කැපවීමක් නැතැයි යන්න පිළිබිඹු කරවන්නක් බව දේශපාලන විචාරකයෝ පවසති. ෆොන්සේකා මහතා සිරගතව සිටියදී ඔහුව නිදහස් කරන්නැයි ඉල්ලා විදේශයන්හි උදඝෝෂන මෙහෙයවීමේ වැඩි වැඩ කොටසක් කළ ජවිපෙට සිරගෙදරින් එළියට ආ සැනින් පහර ගැසීම ෆොන්සේකා මහතාට තරම් නොවන බව ද ඔවුහු පවසති.