Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

සෑම විනාඩි 90 කටම වරක් ස්ත්‍රී දූෂනයක්


හොරෙන් තරුණියන්ගේ ඡායාරූප 6000ක් ගත් වෛද්‍යවරයෙක් නිදහස් කළා -සමන්මලී හෙලි කරයි !

අපේ රටේ දිනකට ස්තී්‍ර දුෂණ 5ක් සිදුවන බව පොලිස් හා අධිකරණ නිල සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන නමුත් ඇත්ත සංඛ්‍යාව එමෙන් තුන් ගුණයක්. එනම් දිනකට ස්තී්‍ර දූෂණ 15ක්. වෙනත් විදියකින් කියනවා නම් වර්තමානයේදී විනාඩි 90කට වරක් ස්තී්‍ර දූෂණයක් සිදුවෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය පැවසුවාය.

ඇය මෙසේ කීවේ 
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

1990 සිට මේ තත්වය වර්ධනය වූ ආකාරය ගැන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ හැකියි. එනම් 1990දී 665යි, 1995දී 542යි, 2007දී 1397යි, 2008දී 1592යි, 2009දී 1624යි, 2010දී 1854යි, 2011 නොවැම්බර් 30 දක්වා 1636ක් ආදී වශයෙනි. මෙයට අමතරව 2011 වර්ෂයේ වාර්තාගත වූ අපරාධවලින් 48%ක් ස්තී්‍ර දූෂණයි. එයින් 89%ක්ම දැනට අවුරුදු 16 අඩු බාලිකාවන්ට සිදුකරන අපරාධයි. ඒ වගේම අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු 15,000කින් 4,000ක්ම ළමුන්ට සිදුකරන ලද ප්‍රචණ්ඩ කි්‍රයා සම්බන්ධවයි. පිටපළාත්වල විභාග වෙමින් පවතින නඩුවලින් 50%ක් ළමා අපචාර සම්බන්ධයෙනුයි. ඒ වගේම පොදු ප්‍රවාහන සේවයේදී 90%ක් කාන්තාවෝ අතවරයට ලක්වන බව හෙළිවී තිඛෙනවා.

කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිව මෙවැනි අපරාධ සිදුවන්නේ ඇයි? දිනපතා පත්තර වාර්තා කරන ආකාරයට මෙවැනි සිද්ධීන් 20කට අධික සංඛ්‍යාවක් දිනපතා සිදුවන බව පැහැදිලියි. මීට ප්‍රධාන හේතුව බල්ලෝ මරා හෝ සල්ලි හෙවීමේ අරමුණින් කි්‍රයාකරන සමාජයක මානව බැඳීම් ඉක්මවා ගිය ආර්ථීක සාධක මුලට පැමිණීම නිසා බව පැහැදිලියි

තවත් පැත්තකින් අපි විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම්. එයට පාදක වන්නේ ළමා හා කාන්තා අපරාධවලට විරුද්ධව නීතිය කි්‍රයාත්මක කිරීමේ විකෘති තත්වයන් නිසා ඇතිවී තිඛෙන අපරාධයි. මෙම වර්ෂයේ මාර්තු 27 වැනි දින පෞද්ගලික අංශයේ රැකියාවක නියුතුව සිටි තරුණියකගේ ඡායාරූප අනවසරයෙන් ගත් පුද්ගලයෙකු ගැන මරදාන පොලීසියට පැමිණිලි කර තිබුණා. එම තරුණිය නිර්භීතව ඉදිරිපත් වී ඡායාරූප ලබාගත් පුද්ගලයාගේ කැමරාව, හැඳුනුම්පත් ආදිය ලබාගෙන මරදාන පොලීසියට සාක‍ෂි සහිතව ඉදිරිපත් කර තිබුණා. එහිදී හෙළිවී තිබුණේ අදාල පුද්ගලයා රජයේ රෝහලක වෛද්‍යවරයෙකු බවයි. ඔහු ඔහුගේ කැමරාව තුළ එවැනි ඡායාරූප 6,000ක් පමණ ගබඩාකර තිබී තිබුණා.

විකෘති කරන ලද පින්තූර විශාල සංඛ්‍යාවක් එහි තිබී සොයා ගත්තා. නමුත් පොලීසිය මේ පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කර තිබුණා. දේශපාලන බලපෑම් සහ නීතිය කි්‍රයාත්මක කරන ආයතනවල මෙවැනි අකටයුතුකම් නිසා කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන අපරාධ වැඩිවීමට බලපා තිඛෙනවා.

මෙම මාධ්‍ය හමුවට සමාජවාදී කාන්තා සංගමය වෙනුවෙන් එහි ජාතික කමිටු සාමාජිකාවන් වන චන්ද්‍රමාලි පෙරේරා, ශි්‍රයා කනේගල්ල, හා සමාජවාදී කාන්තා සංගමයේ සාමාජිකා සමුද්‍රා වර්ණකුලසූරිය යන මහත්මීහුද සහභාගි වී සිටියහ.

Share this article with your friends