Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

මේ ජීවිත කාලයේ අවසන් සිකුරු සංක්‍රාන්තියේ අපූරු සේයාරුවක්

සූර්යයාගේ මතුපිට හරහා සිකුරු ග්‍රහයා ගමන් කිරීම හෙවත් 'සිකුරු සංක්‍රාන්තිය' මේ සියවසේ අවසාන වරට අද(06) උදෑසන අහසේ දිස්විය. සූර්යයාත්, සිකුරු ග්‍රහයාත්, පෘථිවියත් එකම සරල රේඛාවකට පැමිණෙන මෙම සිකුරු සංක්‍රාන්තිය අද 6) උදෑසන සූර්යයාගේ උදාවත් සමග දිස්විය. මෙහිදී සිකුරු ග්‍රහලෝකය සූර්යයා මතුපිට කුඩා කළු පැහැ තිතක් සේ ගමන් කරනු දක්නට ලැඛෙන අතර එහි මධ්‍ය අවස්ථාව අද පෙ.ව. 7.03 ට උදාවිය. පුරා පැය හතකට ආසන්න කාලයක් දර්ශනය වන මෙම සිකුරු සංක්‍රාන්තිය පැය හතරහමාරක පමණ කාලයක් තුළ ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා පවසා තිබිණ.

සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බැලීම ඇස් අන්ධවීමට පවා බලපාන අතර වෙල්ඩින්කරුවන් විසින් භාවිතා කරන නො.14 අංකය යෙදූ ඇස් ආවරණ කණ්ණාඩි භාවිතයෙන් නැරඹිය හැකි විය. මෙහි දැක්වෙන්නේ එක්ස්ටී්‍රම් යූත් කණ්ඩායමේ ඡායාරූප ශිල්පී දුමින්ද විෙජ්රත්න විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද අද පැවැති සිකුරු සංක්‍රාන්තියේ මනස්කාන්ත සේයාරුවකි.

මීට වසර 8ට පෙර එනම් 2004 වසරේදී ද සිකුරු සංක්‍රාන්තිය සිදුවූ අතර නැවත සිකුරු සංක්‍රාන්තියක් වීමට නියමිතව ඇත්තේ 2117 වසරේදීය.

සිකුරු සංක්‍රාන්තිය නිරීක්ෂණය කිරීම සඳහා ත්‍රිකුණාමලය නිලාවැලි මුහුදු තීරයේත්, කොළඹ විශ්ව විද්‍යාලයේ සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ මැදිරි ඇති කිරීමට කටයුතු යොදා තිබිණ.











Source - http://www.facebook.com/lankaenews

Share this article with your friends