Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

ඩෙනිම් අඳින්නෙ රට සංවර්ධිත නිසා.

ග්‍රාමීය ප්‍රදේශ වල තරුණ තරුණියන් ජීන්ස් වැනි නිමි ඇඳුම් වලින් සිටිනවා දකින විට රටේ සිදුවෙමින් පවතින ආර්ථිකයේ පරිවර්තනීය වෙනස හඳුනා ගත හැකි බව ජාත්‍යන්තර මුදල් කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යය ආචාර්ය්‍ය සරත් අමුණුගම මහතා පවසනවා.

සිංගප්පූරුව දියුණුවෙමින් පැවති යුගයේ ද මෙම තත්වය මෙලෙස පැවති අතර එය තමන් සියැසින් දුටු බවයි ඔහු ඊයේ (05) දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවේ. මීට පෙර විපක්ෂ නායක වරයා ද මෙලෙස ඩෙනිම් අඳින යුගයක් ගැන ප්‍රකාශයක් කල බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.



එහෙත් එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි එ.ජා.ප. මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා කියා සිටියේ එකල විපක්ෂ නායකතුමන් කල ප්‍රකාශය ඇතැමුන් අවඥාවට ලක් කල බවයි. එයට පිළිතුරු දුන් අමුණුගම මහතා කියන්නේ " එදා ඒ කතාව ගැලපෙන්නෙ නැහැ. එදා මිනිස්සුන්ට සල්ලි තිබුනෙ නැහැ. නමුත් දැන් සල්ලි තියනවා. ඒ නිසා දැන් ඒ කතාව ගැලපෙනවා" යනුවෙනි.









Source: http://www.gossip9.com/2012/06/blog-post_6762.html#ixzz1x0eTAUjZ

Share this article with your friends