Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

විරෝධතා නිසා මහින්ද රාජපක්ෂගේ ලන්ඩන් දේශනය අවලංගු කරයි





ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩලීය ආර්ථීක සමුළුවේදී බි්‍රතාන්‍ය රැජිනගේ පදවිප්‍රාප්ත දියමන්ති ජුබිලි සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පැවැත්වීමට නියමිතව තිබුණු දේශනය ඇතුළු අද (06) උදා වරුවේ සැසිය අවලංගු කෙළේය.

"තත්ත්වය ඉතා ප්‍රවේශමෙන් සලකා බැලීමෙන් අනතුරුව" මෙම තීරණයට එළැඹි බව පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික මණ්ඩලය ඊයේ (05) අඟහරුවාදා සවස් යාමයේ නිවේදනය කළේය. 'ගෝලීය සෞභාග්‍යය සහ තිරසාර වර්ධනය සඳහා ධනවාදය හැඩ ගැස්වීම' යන මාතෘකාව යටතේ පැවැත්වීමට සැලසුම් කොට තිබූ මුළුවේදී උදෑසන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, බි්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්ද එම සැසියට සහභාගිවීමට නියමිතව සිටියේය.

මෙහි ටිකට් පතක් පවුම් දහසක් පමණ විය.



කෙසේ වුවද රජපක්ෂ මහතා නොමැති සවස් භාගයේ සහ පසුදා නියමිත වැඩ කටයුතු සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවද පොදු රාජ්‍ය මණ්ඩලයීය නිවේදනයේ සඳහන් වේ. 

රාජපක්ෂ මහතාගේ වැඩ සටහනම අවලංගු කරන ලද්දේ බි්‍රතාන්‍යයේ පදිංචි දෙමළ ජාතික ප්‍රජාවගේ දැඩි විරෝධතා නිසා බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා පැමිණෙද්දී ද දෙමළ විරෝධතාකරුවෝ 'ශ්‍රී ලංකාවේ ජනාධිපති යුද අපරාධකාරයෙක්' යනුවෙන් උද්ඝෝෂණය කළ අතර ඊට විරුද්ධ පැත්තේ 'ශ්‍රී ලංකාවේ ජනාධිපති යුද වීරයෙක්' යනුවෙන් සිංහල විරෝධතාකරුවෝ උද්ඝෝෂණය කළහ. සිංහල විරෝධතාකරුවන්ගේ ප්‍රමාණයේ අඩුවක් තිබිණ.

මේ අතර ප්‍රකට චැනල් 4 නාලිකාව විසින් ජනාධිපතිවරයගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා තිබූ නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එය ලබා දී නැත. චැනල් 4 චෝදනාවන්ට රටේ නායකයා ලෙස පිළිතුරු දීමේ මහඟ= අවස්ථාවක් ඔහු මගහැරීම ගැන බි්‍රතාන්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ කනස්සල්ලට පත්ව සිටිති.

රාජපක්ෂ මහතා අද සවස ඉතාලියේ රෝමය බලා පිටත්ව යාමට නියමිතය.









Source - http://www.facebook.com/lankaenews

Share this article with your friends