Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

ලන්ඩන් හිල්ටන් හෝටලයේ කාමර 50 ක් ජනාධිපතිගේ ආරක්‍ෂාවට


පොදු රාජ්‍ය මණ්ඩලීය ආර්ථික සම්මේලනයේ ආරාධනාවක් මත මේ දිනවල ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔහු නැවතී සිටින ‘හිල්ටන්’ හෝටලය තුළ කාමර 50 ක් වෙන් කර ගෙන තිබේ. මේ කාමර වෙන් කර ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව සඳහාය. ඒ සෑම කාමරයකම බි‍්‍රතාන්‍යයේ පදිංචිව සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට හිතවත් පවුල් සඳහා වෙන් කර දී තිබේ.
ඒ අනුව, ලන්ඩන් නුවර පදිංචිව සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ශාඛාවේ සාමාජිකයින් පවා තමන්ගේ දරුමල්ලන් රැගෙන එම හෝටලයේ නවාතැන් ගෙන තිබේ.
එංගලන්ත මහ රැුජිනගේ දියමන්ති ජුබිලිය සඳහා යැයි කියමින් බි‍්‍රතාන්‍යයට ගිය ජනාධිපතිවරයා එහිදී පොදු රාජ්‍ය මණ්ඩලයේ ආර්ථික සමුළුව අද (06) පෙරවරුවේ ඇමතීමට නියමිතව තිබුණද, සංවිධායකයින් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඊයේ (05) පස්වරුවේ නිකුත් කළ නිවේදනයක් මගින් අද පෙරවරුවේ සැසිවාරය අවලංගු කර ඇත. එම සැසිවාරය අද පස්වරුවේ පැවැත්වෙන නමුත් ජනාධිපතිවරයාගේ දේශනය කපා හැර තිබේ. ලන්ඩනයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් මත මෙම දේශනය අත්හිටුවා ඇත.
මෙයින් සිදුවූ මදිපුංචිකම වසා ගැනීම සඳහා ජනාධිපතිවරයා අද පෙරවරුවේ මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීය. හෝටලයේ ලැඟුම් ගෙන සිටි සියලූ ශී‍්‍ර ල.නි.ප. පවුල් සාමාජිකයින්ට හෝටලයේ ඉදිරිපිටට ජාතික කොඩිද සමග යන ලෙස දැනුම් දී ඇති සජින් වාස් ගුණවර්ධන මන්තී‍්‍රවරයා, එම පිරිස කොඩි වනමින් සිටින අතර, ජනාධිපතිවරයා එම ස්ථානයට කැඳවා ගෙන යමින් මෙම මාධ්‍ය සංදර්ශනය පවත්වනු ලැබීය.
ජනාධිපතිවරයා මීට ඉහතදී ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ දේශනයක් සඳහා ලන්ඩනයට පැමිණි අවස්ථාවේදීද මෙවැනි අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදු විය.
කෙසේ වුවද, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලන්ඩනයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ, තම කාර්යාලයේ කාර්ය මණ්ඩල සහ වෙනත් සියලූ නඩත්තු සඳහා ශී‍්‍ර ලංකා රජය විසින් 2012 වසරට වෙන් කර ඇති මුදලටත් වැඩි මුදලක් ජනාධිපතිවරයා ලන්ඩනයේ රැඳී සිටින එක් දිනක් වෙනුවෙන් වැය කර ඇති බවයි. ලන්ඩනයේ ‘හිල්ටන්’ හෝටලයේ කාමරවලට අමතරව, ජනාධිපතිවරයා සමග පැමිණි පිරිස සඳහා අවට හෝටල්වල කාමර 35 ක් පමණ වෙන් කිරීමට සිදු වූ බවද ඔහු සඳහන් කළේය.


Source - lankanewsweb.com

Share this article with your friends