Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

හිටපු නීතිපති මොහාන් පීරිස් පට්ට බොරු කාරයෙක්


අධිකරණයේදී ඔප්පු වේ!

අතුරුදහන් කළ ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශයක ජීවත් වනවා යැයි තමා ප්‍රකාශ කෙළේ බුද්ධි වාර්තා පදනම් කරගෙන යැයි කැබිනට් නීති උපදේශක හිටපු නීතිපති මොහාන් පීරිස් විසින් අද හෝමාගම අධිකරණයේදී සාක්කි දෙමින් පැවසීය.

පීරිස් විසින් විදේශයකදී කරන ලද ප්‍රකාශය ගැන වැඩි දුර ප්‍රශ්න කර සත්‍ය හෙළි කර ගැනීමට එක්නැලිගොඩ මහතාගේ පවුලේ උදවිය සහ විපක්ෂ ක්‍රියාකාරීන් විසින් අධිකරණයේ සහාය පතා තිබිණ.

මෙහිදී පැය එක හමාරක් පමණ කාලයක් සාක්කි දුන් හිටපු නීතිපතිවරයා කීවේ තමා බුද්ධි තොරතුරු අනුව එසේ කීවද එක්නැලිගොඩ මහතා කුමන රටක වෙසෙනවාදැයි තමා නොදන්නා බවයි. තමා පමණක් නොව කිසිවෙක් ඒ ගැන නොදන්නා බවද ඔහු පැවසීය. එක්නැලිගොඩ මහතා ජීවතුන් අතර සිටිනවාද නැතිද යන්න ගැනත් තමා නොදන්නා බව පැවසීය. 'ඔහු ගැන දන්නේ දෙයියො තමයි ලංකාවේ ආණ්ඩුව වත් දන්නේ නෑ' හිටපු නීතිපතිවරයා පැවසීය.

හිටපු නීතිපතිවරයා විදේශයේදී කළ ප්‍රකාශය පදනම් වූ බුද්ධි අංශ වාර්තාව ඔහු අධිකරණයට ඉදිරිපත් කෙළේ නැත.

පිටරටදී ඔහු මෙම ප්‍රකාශය කරද්දී එය තමා කියන්නේ වගකීමකින් යුතුව යැයි ප්‍රකාශ කෙළේය. අද අධිකරණයේදී ඒ ප්‍රකාශය පීරිස්ගේ රෙද්ද පල්ලේ පෙරුනේය. අද ඔහු අධිකරණයට කළ ප්‍රකාශය සත්‍ය නම් එදා විදේශයකදී කීවේ බොරුය. එදා විදේශයකදී කී කතාව සත්‍ය නම් අද අධිකරණයේදී කීවේ බොරුය.

Share this article with your friends