සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා මෙන්ම, උතුරු මැද මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාද වසර ගණනාවක්ම එම තනතුර දරමින් එම ප‍්‍රදේශ තුළ දේශපාලන ඒකාධිකාරියක් ගෙඩනඟාගෙන තිබීමත්, එම පළාත්වල සංවර්ධන කටයුතු එක තැන පල් වෙමින් තිබීමත් නිසා, ඔවුන් වෙනුවට අලූත් මුහුණක් එම පළාත්වලට හඳුන්වාදීම ජනාධිපතිවරයාගේ තීරණයට හේතු වී තිබේ.
මේ අනුව, ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ ජනපි‍්‍රය චරිත කිහිපයක් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කරන ලෙස නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට දැනුම් දී ඇති ජනාධිපතිවරයා, ඒ සෑම දිස්ති‍්‍රක්කයක් සඳහාම ජනපි‍්‍රය හමුදා ප‍්‍රධානියෙකු අපේක්‍ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද දැනුම් දී තිබේ.
මේ අතර, නැගෙනහිර මහ ඇමති අපේක්‍ෂකත්වය තමන් වෙත ලබා දෙන්නැයි බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Source - lankanewsweb.com