Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

ජෙනරාල් ගැන තීරණයක් ගන්න මැකෝට බැහැ!


ඉදිරියේ පැවැත්වෙන කුමන හෝ මැතිවරණයක් සඳහා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නාම යෝජනා භාර දුනහොත් එය ප‍්‍රතික්‍ෂෙප කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට කිසිදු බලයක් නොමැති බව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
ෆොන්සේකා මහතාට ලැබී ඇති ‘නිදහස’ යටතේ ඔහුට ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට අයිතියක් තිබේදැයි අප කළ විමසීමේදී ඔහු එම කාරණය අවධාරණය කළේය.
නමුත් එවැනි අවස්ථාවකදී කවුරුන් හෝ ඒ පිළිබඳව අධිකරණයට පැමිණිල්ලක් ගොනු කළ හොත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව දීමේ බලය අධිකරණයට පමණක් හිමි වන බව එම නිලධාරියා තව දුරටත් පැහැදිලි කළේය.
එස්.බී. දිසානායක මහතාටද මෙවැනි තත්ත්වයක් මතු වූ අවස්ථාවේදී ඔහුට ඡන්දය ඉල්ලිය නොහැකි බවට සමහරුන් ප‍්‍රකාශ කර තිබියදී, එය උරගා බැලීම සඳහාම ඔහු මධ්‍යම පළාත් සභාවට තරග කළ බවත්, එහෙත් කිසිවෙකු හෝ ඔහුට එරෙහිව අධිකරණයට නොගිය හෙයින් ඔහුට ඡන්දය ඉල්ලීමට බාධාවක් නොවූ බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.


Source - lankanewsweb.com

Share this article with your friends