Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

‘වෙබ්’ වාර්තාකරුවන් දඩයම කොළඹ ආඥාපතිට


විදේශයන්හි සිට කි‍්‍රයාත්මක වෙමින් රජය අපහසුතාවයට පත්වන ආකාරයේ ප‍්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවිවලට තොරතුරු සපයන ශී‍්‍ර ලංකාවේ වෙසෙන පුද්ගලයින් ‘අතුරුදහන්’ කිරීමේ රාජකාරිය ජනාධිපතිවරයා විසින් කොළඹ ආඥාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා වෙත පවරා තිබේ. ඊට අදාළ නියෝගය ඍජුවම ලබාදී ඇත්තේ ජනාධිපතිවරයා විසිනි.
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සමීපතම ගෝලයෙකු වන ශාන්ත දිසානායක මහතාද ‘ගජබා’ රෙජිමේන්තුවේ නිලධාරියෙකි. මීට කලකට ඉහතදී චීනයේ යුද උපායන් පිළිබඳ උපාධි පාඨමාලාවක් හැදෑරූ ශාන්ත දිසානායක මහතා කොළඹ ආඥාපති කරමින්, ‘සුදු වෑන්’ කල්ලියක් මෙහෙයවීම ඔහු වෙත පැවරනු ලැබුවේද ජනාධිපතිවරයා විසිනි.
මෙම ‘වෙබ් ප‍්‍රවෘත්ති’ සපයන්නන් දඩයම් කිරීමට අදාළ තොරතුරු සම්පාදනය ජනාධිපතිවරයා විසින් රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිස්ට මහතා වෙත පවරා ඇත.
මේ වනවිට වෙබ් අඩවිවලට තොරතුරු සපයන්නන් පිළිබඳව තොරතුරු රාශියක් ලැබී ඇත. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු රජයේ ඉහළම මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සාමාජිකයින් බවත්, එසේම, විපක්‍ෂ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුද ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ද වෙබ් අඩවිවලට පුවත් සපයන බවත් රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
මේ පිළිබඳ සියලූ තොරතුරු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
රටේ කීර්ති නාමය විනාශ කරන වෙබ් අඩවි අටක් ඇති බවත්, ඒ සියලූ වෙබ් අඩවි එක් ආයතනයක් විසින් මෙහෙයවනු ලබන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා තායිලන්තයේදී පැවසීය.


Source - lankanewsweb.com

Share this article with your friends