Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

ෆොන්සේකාට පූර්ණ නිදහස ඉල්ලන පාර්ලිමේන්තු යෝජනාව ෆොන්සේකාගේම විරෝධය නිසා අස්කර ගනී


සිරගතව සිට ජනාධිපති සමාව ලැබූ සරත් ෆොන්සේකාට අහිමිව ඇති දේශපාලන අයිතිවාසිකම් ලබාදී පූර්ණ නිදහස ප්‍රදානය කළ යුතු යැයි ඉල්ලා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ මන්ත්‍රී යෝජනාවට ෆොන්සේකා විසින්ම විරෝධය දැක්වීම හේතුවෙන් අද ඉවත් කර ගැනීමට සිදුවිය.

මේ තත්ත්වය ගැන 
අප වෙබ් අඩවිය මීට පෙර 'ෆොන්සේකා-ටිරාන්-අර්ජුන-කැටගොඩ පැකේජයක් ලෙස ණ්ඩුවට ගැනීමේ සාකච්ඡා: ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු' නම් ප්‍රවෘත්තිය මගින් අණාවරනය කර තිබිණ.

අද උදෑසන විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී යෝජනාව ගෙන ඒම අවලංගු කිරීමට බලපා ඇත්තේ ෆොන්සේකා මහතා සිය මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා හරහා ඉදිරිපත් කළ ලිපියකි.

සරත් ෆොන්සේකා හට පූර්ණ දේශපාලන නිදහස ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක වරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණු අතර එය අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද ඇතුළත් කොට තිබිණ.

එම යෝජනාව ඉදිරිපත් කිරිමෙන් වළකින ලෙස සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල හරහාද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම වෙත දැනුම් දී තිබිණ.

සරත් ෆොන්සේකා මහතා ද ඇතුළුව ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීන් තිදෙනා පැකේජයක් ලෙස ආණ්ඩුවට ගැනීමේ සාකච්ඡා පැවැත්වෙන බව 
අප වෙබ් අඩවිය අද පාන්දර අනාවරණය කෙළේය. එම සාකච්ඡාවන්ට බාධා වන බැවින් විපක්ෂයේ යෝජනාවට ෆොන්සේකා මෙසේ විරුද්ධ බවද එම ප්‍රවෘත්තියෙන් අනාවරණය කර තිබිණ.

Share this article with your friends