රටේ දියුණුවට බාධා කරන නිලධාරීන් සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා ප‍්‍රකාශ කළේ ඒ අනුව යැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
කෙසේ වුවද, ජනාධිපතිවරයාගේ ඥාතියෙකු වන ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතාට පසු, මෑතක් වන තෙක්ම ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තම රාජ්‍ය නිලධාරියා බවට පත්ව සිටියේ ආචාර්ය ජයසුන්දර මහතාය. එහෙත් ජයසුන්දර මහතාට එරෙහිව බොහෝ පිරිස් ජනාධිපතිවරයාට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කිරීමත් සමගම මේ වනවිට එම සම්බන්ධතාවය තරමක් දුරස් වී තිබේ.
පී.බී. ජයසුන්දර මහතාගේ ප‍්‍රධානතම ප‍්‍රතිවාදීන් වන්නේ, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සහ කැසිනෝ ව්‍යාපාරික, ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතාය. මොවුන් දෙදෙනා නොයෙකුත් ක‍්‍රම සහ විධි යොදා ගනිමින් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාට සමීප වී පි.බී. ජයසුන්දර මහතාට එරෙහිව පසුගිය මාස කිහිපය පුරාම සැලසුම් සහගත මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබේ. ජනාධිපතිවරයා, ජයසුන්දර මහතා සමග අමනාපයක් ඇති කර ගැනීමට හේතු වී ඇත්තේ ඔහු සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා පසුගිය කාලයේ ඉදිරිපත් කළ කරුණු කාරණාය.
නිවාඞ් සහ ධම්මික පෙරේරා හැරුණු කොට පී.බී. ජයසුන්දර සමග දැඩි වෛරයකින් පසු වන්නේ අමාත්‍ය විමල් වීරවංශ මහතාය. පී.බී. ජයසුන්දර මහතා ආණ්ඩුවෙන් එලවීමේ කුමන්ත‍්‍රණයට ඔහුද හවුල් වී සිටී. පී.බී. ජයසුන්දර මහතාට එරෙහි මාධ්‍ය මෙහෙයුමක් ඉදිරි දින කිහිපය තුළදී ආරම්භවීමට නියමිත අතර, එම වාර්තා සම්පාදනය කරන මාධ්‍යවේදීන්ට ධම්මික පෙරේරා මහතා විසින් මේ වන විටත් රුපියල් 50,000 බැගින් අත්තිකාරම් ලබාදී ඇත.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ කුප‍්‍රකට ගනුදෙනුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු ලබා දුන්නේ පී.බී. ජයසුන්දර මහතා විසින් බවත්, ඔහු චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ සමීපතම නිලධාරියෙකුව සිටි මනෝ තිත්තවැල්ල මහතා සමග සමීප සබඳතාවයක් පවත්වන බවත් නිවාඞ් කබ්රාල් මහතා පසුගියදා නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා හරහා ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත. ජනාධිපතිවරයා සහ ජයසුන්දර මහතා අතර, ගනුදෙනුව දුරස්වීමට බලපෑ ආසන්නතම සිද්ධිය එය බව අප වෙත තොරතුරු ලබාදුන් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මීට පෙර අවස්ථා කිහිපයකදීම තමාට විශ‍්‍රාම යාමට අවශ්‍ය බව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබුණද, ඒ සෑම අවස්ථාවකදීම එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් ඔහු රඳවා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා තමාට එරෙහිව ලබාදුන් නඩු තීන්දුවෙන් තමාව නිදහස් කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය අමතක කළ නොහැකි බව ඒ සෑම අවස්ථාවකදීම ජයසුන්දර මහතාද තම කාර්ය මණ්ඩලයට පවසා තිබිණ.
Source - lankanewsweb.com