Chitika Smowtion 468x60


Wednesday, June 6, 2012

සුදර්මන්ගේ මුදල් වංචා රැසක්- කවදා නීතිය ක්‍රියාත්මකවේද?

කුරුණෑගල පඬුවස්නුවර රදලියගොඩ ප්‍රදේශයේ සුප්‍රකට අර්ථ ශාස්ත්‍රඥයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඒ. එම්. එස්. රදලියගොඩ මහතාගේ පුත්‍රයෙක් වූ සුදර්මන් රදලියගොඩ ස්වාධීන රූපවාහිනියට එක්වූයේ 1999 ජනවාරියේය.

පසුව එහි ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධුරයට පත්වූ ඔහු 2003 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ තුලාව දේශපාලන සංවාදය මෙහෙයවීය.

2009 නොවැම්බර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායක ධුරය පිරිනමනු ලැබීය. 





ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ වංචාකාරයෙක් ලෙස ප්‍රසිද්ධ වූයේ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන ව්‍යාජ බලපත්‍රයක් සාදා පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් වංචා කිරීම නිසාය.

උසාවියෙන් වරෙන්තු පවා නිකුත් කර තිබියදී මෙතෙක් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූයේත්, නොවන්නේත් රාජ්‍ය බලය හා රජයේ ඉහළ පෙලේ හැඳුනුම්කම් මතය.

නමුත් ඔහු විසින් තම බලය පාවිච්චි කරමින් මුදල් වංචා කළ පළමු අවස්ථාව එය නොවේ.

මිනිසුන් රට යවන බව පවසමින් ඔහු ලක්ෂ ගනනින් මුදල් ලබාගෙන මිනිසුන් මුලා කර ඇති බව සාක්ෂි සහිතව හෙලිවූයේ ඊයේ බැලුම්ගල වැඩසටහන මඟිනි. එසේ මුදල් වංචා කර ඇති ගණන 38 දෙනෙකි.

ඇතැම් පුද්ගලයන්ගෙන් ලක්ෂ 7කට අධික මුදලක් සුදර්මන් ලබාගන තිබෙන අතර ඔවුන් එම මුදල් ආපසු ඉල්ලූ පසු ඔවුන් රස්තියාදු කල බව වංචාවට හසුවූවන් පවසයි. අයි,ටී.එන් ආයතනයේම වැඩ කල එක් මාධ්‍යවේදියෙක් එහිදී පැවසුවේ ඔහුගේ නැගනිය අයි.ටී.එන් ආයතනයට සමබන්ධ වී සිටියදී සුදර්මන් සමඟ රැයක් ගතකිරීමට කැමති නම් අයි.ටී.එන් ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට අවස්ථාවක් දෙන බව සුදර්මන් පවසා ඇති බවත්ය.

ජනතාව රවටමින් අයි.ටී.එන් කාර්යාලය ආශ්‍රිතව සිදුවූ මුදල් වංචාවන්ට සම්බන්ධ මෙම වංචාකරුට එරෙහිව ලංකාවේ නීතිය කවදා ක්‍රියාත්මකවේද?

එම වැඩසටහන පහතින්.










Source: http://www.gossip9.com/2012/06/blog-post_1777.html#ixzz1x0YSashF

Share this article with your friends